Episode 4

313 36 30
                                    

මන් බිම වැටුනු විදිහ දැක්ක කෝච් මැච් එක නවත්තල ඇවිත් මගෙ උරහිස ජර්සි එක උඩින් අල්ලලා බැලුවා  . ඒ වෙනකොටත් මට තේරිලා තිබ්බෙ මගෙ අත නිල්වෙලා ඇති කියලා . ටහිකෙන්න යකෝ සුලුදිය බර ලෝඩ් වෙනවා මේ අල්ලන ඇල්ලිල්ලට . අල්ලනවා නෙමේ මිරිකනවා . මේ මිරිකන මිරිකිල්ලට පනීද දන්නෙත් නෑ .  වෙන මොනවත් නෙමේ හරිද ඇල්ලුවෙ ශෝල්ඩර් එක. උබලගෙත් කැත හිත බන් .

" ඔහ් ගෝඩ් අගාර , ආ  යූ ඕකේ පුතා , ශෝල්ඩර් එක පැන්නෙ නෑ නේද "

කෝච් මගෙ උරහිස ආය ලාවට අල්ලගෙන ඇහුවා .

" නෑ කෝච් මන් හිතන්නෙ එල්බෝ එකවැදුන නිසා ටිකක් ඉදි මිලා ඇති ස්ප්‍රේ කරාම හරියයි "

" හ්ම්ම් එහෙනම් අර අගසව් ඩබලත් එක්ක යනවා අද දවසට ඔයාල තුන්දෙනාප්‍රැක්ටිස් වුනා ඇති " කියලා කෝච්  මගෙ අත පරිස්සමට ඇගට තදකරල මාව ඉවානු විදූශය් එක්ක ඉස්කෝලෙ සික් රූම් එකට යැව්ව.

" බලහන්කො ඊතන් පරිස්සමෙන් වැඩකරන්නෙපැය් ඕය් , බැරිවෙලාවත් අරූගෙ එල්බෝ එක ඔලුවෙවත් වැදුනොත් එහෙම මැච් තියා තමුසෙට ඉස්පිරිතාලෙ තමා නවතින්න වෙන්නෙ . "
මගෙ දකුනු අත උගෙ කරින් දාගෙන එක්කගෙන යන ගමන් විදූශයා දෙහිකපන්න ගත්ත .යකෝ මේව හිතල කරගන්න ඒවයෑ .

" හරි බන් ඉතින් මන් ඒ වෙලාවෙ හිතුවෙ නෑ ඌත් ජම්ප් කරය් කියලා , දැන් ඉතින් උන දේ උනාගෙ මේක ස්ප්‍රේ එක ගැහුවම අඩුවෙය් , මෙහෙම ටිකක් ඉදලා තුන්දෙනාම චේන්ජ් කරන් ක්ලාස් යමන් " කියලා කියලා ඇම්මෙ නැත්තම් මුන් දෙන්න අද මාව ගෙදර යවන නිසා

" ඕන මගුලක් දැන් මෙහෙ යමන් සික්රූම් "

සික්‍ රූම් ඒකෙදි මගෙ අතට ස්ප්‍රේ එකක් ගහලා වම් උරහිස බැන්ඩේජ් කරලා පේන්කිලර් එකක් දුන්නා . නවයට විතර අපි තුන්දෙනා චේන්ජ් කරන් හෝල්ට් එකට ඇවිත් ආලංකුලමට ගිහින් උදේට කාල දහයට කාලක් තියා සික්සා එකට ගියා . දහයෙ ඉදන් බංකු රත්කරකර පැය තුනක් ගෙවපු අපිට සර්කාරයා ඉන්ටවල් එකක් දුන්නහම හැම ලමයම වගේම අපිත් එලියට ගියෙ ඉදගෙන ඉදලම පශ්චාත්බාගය හිරිවැටිලා වගේ දැනුන නිසා . පැයක ඉන්ටර්වල් එකක් නිසාත් කරන්න දෙයක් නැති නිසා අපි සෙට් එක ASB එක ගාවින් ජූස් තුනකුත් අරන් ඒක බොන ගමන් ලයිබ්‍රි එක ඇතුලට ගියා . ඇතුලට ගිහින් හිස් මේසයක් හොයලා ඉදගත්තම එතන ඉදගත්තෙ අපරාදෙ කියලා හිතුනේ මට ඉස්සරහා ඩෙස් එකේ ඉදන් මන් දිහා රවාගෙන බලාගෙන ඉන්න ඒ කොලඇස් දෙක දැකලා  .

The Way I Still Love You | Nonfic  Where stories live. Discover now