Episode 7

247 28 19
                                    


මන් දැක්කා මගෙ කකුලට ගහපු එකත් ග්‍රවුන්ඩ් එකෙන් එලියෙ ඉන්නවා . ඒ කියන්නෙ ඌ රෙඩ් කාඩ් එකක් කාල රෙෆ්ලිගෙන් . අපේ කෝච් මගෙ දනිස්ස ඒ පැත්තටය් මේ පැත්තටය් හරවන හැරවිල්ලට මටනම් කලන්තෙ අල්ලලා හිටියේ . අන්තිමට ස්ප්‍රේ එකකුට් එක්ක බාම් එකකුත් ගාල අයිස් වලින් තවලා ඉවරවුනාට පස්ස්සෙ තමා මැච් එකත් ඉවරවුනේ . ඒත් ටීම් දෙකම හිටියෙ සම ලකුනු නිසා පෙනල්ටි ශූට් තියන්න රෙෆ්ලි තීරනේ කරා .

දන්නවද් දෙයක් මන් ෆුට්බෝල් වලදි ආසම දෙයක් තමා පෙනල්ටි ශූටින් වගේම ගෝල් කීපින් . පෙනල්ටි ශූට් කරද්දි ගෝල්කීපර් ශූටර්ව ෆෙඩප් කරන විදි දෙකක් තියනවා  . එකක් ශූටර් පෙනල්ටි ලයින් එකේ බෝලෙ තියලා ස්ටෙප්ස් ගාන මාක් කරගද්දි එතනට ගෝල් කීප් ගිහින් ශූටර් ගෙ ඇග ලගටම ගෑවෙන්න තරම් ගිහින් ඇස් දෙක දිහා බලන් හිනාවක් දාලා ලයින් එකේ තිබ්බ බෝලෙ කකුලෙන් පොඩ්ඩක් එහාට කරන එක . දෙක කලින් විදිහටම ශූටර් ලගට ඇවිත් ඇස් දෙක දිහා බලලා එකපාරටම සිම්බල් දෙකක් ගහනවා වගේ ග්ලවුස් දාපු අත්දෙකෙන් ශූටර්ගෙ මූන් ඉස්සරහම එකට වද්දලා කෑගහලා තමන්ගෙ ටීම් එකට චියර් එකක් දීලා පුලුවන්නම් තමුන් මාව පහුකරලා ගෝල් එකක් ගහනවා කියලා නොකියා කියමින් චැලේන්ජ් කරන එක .

මේ දෙවිදිහෙන්ම  ශූටර්ස්ලා ගොඩක් වෙලාවට ෆෙඩප් වෙනවා . එහෙම නොවෙන්නෙ හොද මයින්ඩ්සෙට් එකකින් ඉන්න ප්ලේයර් කෙනෙක් විතරයි .

ඉතින් අද ද්වස අවසානයේ ජෝසප් එකට 3 - 2 තරගයක් දීලා අපි මැච් එක වින් කරා . ජෝසප් එකේ පෙනල්ටි ස්කෝර් කරෙ කොල බලලය් උන්ගෙ කැප්ටනුය් විතරය් . අපේ ටීම් එකෙන් කැප්ටන් වෙනුර අය්යයි මගෙ ගොං බඩු දෙකය් ස්කෝ කරලා තිබ්බා . වින්කරපු ගමන් අරුන් දෙන්නා ඇවිත් මාව ඉන්දලා තිබ්බ පුටුවත් එක්කම මාව බදාගත්ත . සතුට සමරලා ඉවරවෙලා අන්තිමට ගෙවල් දොරවල් බලා යන්න උනාම තමා මතක් වුනේ අන්ඩක් කඩාගෙන් බස් එකේ යන්නෙ කොහොමද කියලා . ගෙදරට කතාකරත් එන්න කවුරුත් නැති නිසා කෝච්ට කතාකරන්න යද්දි අපි ඉස්සරහින් මර්සිඩීස් බෙන්ස් එකක් නතර වුනා .

"Need a hand "

බෙන්ස් එකේ පිටිපස්සෙ සීට් එකේ ග්ලාස් එක පාත් කරලා කොල බලල් ඇස් ඇහුවෙ මගෙ කකුල දිහය් මාව ඇගට තද කරන් ඉන්න ඉවානයගෙ අත දිහය් බලලා . මූ එන්න එන්න අමුතු වෙනවා වගේ ඕය් . ඉස්සර වගේ නෙමේනෙ .

The Way I Still Love You | Nonfic  Where stories live. Discover now