Episode 9

303 32 24
                                    

" අම්මා අය්යො එහෙ යන්න ඕන නෑ අනේ මට තනියම ඉන්න පුලුවන් "

" කොහොමද ලමයො තනියම දාල යන්නෙ ආ කකුලත් මෙහෙම තියෙද්දි . එහෙ යන්න බැරිනම් මාත් එක්ක තබුත්තේගම යන් එච්චරයි "

"අනේ අම්මා ඒත් -

" ඒත් මේත් නෑ මෙලින් නැන්දා මග එනවත් ඇති දැන් . ආ අර එන්නෙ කියනකොටම "

අම්ම එහෙම කියනකොටම අපේ මිදුලෙන් නැවතුනේ BMW එකක් .

" මොකෝ චමරී වෙන්නෙ , කොල්ල එහෙ යන්න බෑ කියනවද "

" ඔව් බලන්නකො මෙලින් තනියම ගෙදර ඉන්න පුලුවන්ලු තියන පන්ඩිතකමට දෙන්න තියෙන්නෙ මුට පාරක් "

"අයිගෝ සුද්දා , ඔන්න ඔයා ආවෙ නැතිවුනොත් එහෙම මට දුක හිතෙනවා හරිද ඔන්න . මන් කොච්චර ආසාවෙන්ද ආවෙ ඔයාව එක්කන් යන්න අද ."

මෙලින් නැන්දා මන් ගාවට ඇවිත් කියද්දි මන් ලත් තැනම ලොප් වුනේ කියාගන්නෙ මොනාද කියාගන්නෙ කියලා හිතාගන්න බැරුව .

" හරි එහෙනම් කමක්නෑ යන් "

" ඌවූ . යෙයී . එහෙනම් සුද්ද අපේ ගෙදර යනවා . අනේ බලන්නකො චමරි ඉතින් මේ කොල්ල ප්‍රයිමරි කාලෙ එහෙ ගියාට පස්සෙ ගිහින්ම නෑනෙ එහෙ . හා හා එහෙනම් යන් යන් බඩුටික වාහනේට දාන්න " මෙලින් නැන්දා එහෙම කියලා ඉස්සරවෙලා මගෙ කාමරේට ගියා .

මන් එහෙමම අහස දිහා බලලා බරහුස්මක් පහලට දැම්මා . කුම්බලා මාලුකෑවනම් විදවපන් බලලෝ කිව්ව වගේ දැන් ගිහින් ඉදහන්කො එහෙ දවස් තුනක් . සැක් .

ඕමෙන් ඕමෙ කොහොමහරි මගෙ ලට්ට පට්ට ටිකත් එක්ක වාහනේටව්දාගෙන අම්මවත් ශ්‍රාවස්තිපුරින් තබුත්තේගම බස් එකකට නග්ගලා අපි මෙලින් නැන්දලාගෙ ගෙදරට ආවා . ඇත්තටම එයාලගෙ ගෙදර ටව්න් එකේ මැද්දෙ තිබ්බට මාරම නිස්කලංක තැනක් ඒක තට්ටු තුනට හදලා තිබ්බ ඒ ගේ වටේටම හොදට වවපු ලොකුගස් ජාති මල්ජාති තනකොල වගේම පැත්තක වතුර මල් දාල තිබ්බ පොකුනකුත් තිබ්බා වැරන්ඩා එක යටින් වාහනේ නතර කරාම මෙලින් නැන්දා මාව කෙලින්ම එක්කන් ගියෙ ඩයිනින් ඒරියා එකට . මේ ගේ ඇතුලට එද්දිම දකින්න තියෙන්නෙ ලිවින්ග් ඒරියා එක . ඒක හරිම ෆොරෙස්ට් එකක ඉන්නවා වග්වෙ වයිබ් එකක් තියෙන්නෙ අගල් 60 විතර දඩාර ටීවි එකකුත් පැත්තක තියෙද්දි ඒක වටේටත් පැල එල්ලලා ඒව වටේට වයර් ටිකත් පිලිවලට පටලලා තිබ්බා . ලිවින්ග් ඒරියා එක ට එද්දි දකුනු පැත්තෙන් උඩට යන වුඩ්න් ස්ටෙයාර්ස් ටික තියෙන්නෙ අනිත් තට්ටු දෙකට ඒ ස්ටෙයාර්ස් එකෙත් වටේට එක එක වැල් ජාති යවලා තිබ්බා . ලිවින්ග් ඒරියා එකෙන් වම්පැත්තට ආවම තියෙන්නෙ ඩයිනින් ඒරියා එකත් එක්ක අර කොරියන් හව්ස් වල තියනවා වගේ කිචන් එකක් . මාව කෙලින්ම් ඩයිනින් ටේබල් එකෙන් ඉන්දලා මෙලින් නැන්ද ෆ්‍රිජ් එකෙන් අරන් මට දුන්නෙ ටිකක් ලොකු වුඩ්න් බෝල් එකක දාල තිබුන ස්මූති එකක් .

The Way I Still Love You | Nonfic  Where stories live. Discover now