Chapter 01

1.5K 78 12
                                    

ප්‍රේමනීය හිත් ඇත්තන් ගේ ප්‍රේමනීය නගර කන්ද උඩරට සෙංකඩගලපුර වීදි අද වෙනදාටත් වැඩිය හරිම කාර්යබහුලයි එහේ මෙහේ කලබලයෙන් යන මිනිස්සු වගේම දහතුන් වසරක පාසල් ජීවිතය තුල තමන්ට ලැබුණු දුෂ්කර කඩයිමක් පසු කරලා සැහැල්ලු වෙන් වීදි වල ඇවිද යන සුදු ඇදුමින් සැරසුනු සුනාමි දරු දැරියෝ මහනුවර නගරයේ වීදි වලට ගෙනා වේ අමුතුම ලස්සන ක්......

ඒත් මහනුවර මාර්කට් එක පැත්තේ තත්ත්වය නම් පොඩ්ඩ ක් විතර අවුල්....

තමුසේ මම කව්රු කියලා හිතාගෙන ද මට අත ඉස්සුවේ ආ....තෝ දැනගනින් අද මම තෝ ව මෙතනම බාවනවා.....

"අඩෝ අභී නවත්තපං ඕක.... "

"අනේ තූර්ය අයියේ දැන් ඔය ඇති අපි ගෙදර යං කෝ...."

"අඩෝ අභින්ස යෝ ඕකා මැරෙයි
යකූ.... "

යුගාන් අභින්ස සූරියසිංහ දැන් මේ නුවර මාකට් එකත් බෝගම්බර පරණ  බන්ධනාගාරයටත් කිට්ටු ව උත්ගතවී ඇති තත්ත්වය ට සෘජු වම ඇත්තට ම කිව්වොත් මේක අභින්ස විසින් ඇති කරන ලද තත්ත්වය කි.... අභින්ස  ගේ පරම පවිත්‍ර කස් එක තමා සමුදි හා හා පුරා කියලා AL Exam  එකේ අන්තිම දවස වෙච්ච අද දවසේ අභින්ස තම අපාය සහය මිතුරු කැල එක්කලා මාර්කට් එක පැත්තට ගියේ සමුදිගෙන් ආස්ක් අවුට් කරන්න කියලා හිතාගෙන....

එතන වැඩේ සූට්ටක් විතර ගැස්සුනේ ඉතිං සමුදි ගේ සුදු අයිණ්ඩිය වෙන ඩිවයින් තූර්ය කාරියවසම් ගේ හදිසි සම්පාත්තිය සමගයි..... එහෙම ඉතිං එක එකාට පුලුවන්ද තමං ගේ සුදු දෝණි ගෙන් ආස්ක් අවුට් කරන්න කියලා හිතාගෙන තූර්ය අත මිට මොලවලා අභින්ස ට පාරක් ගැහුව්වේ ආයේ නෑ ඉතිං අභින්ස ට එලෝ පොල් තරු ඔක්කොම පෙනුනා ඉතිං...

අභින්ස ත් ඉතිං ගේම අත ඇරියේ නෑ ඒකේ ප්‍රතිඵල ක් වශයෙන් දැන් දෙන්නා ම ඉන්නේ හොදට ම ලේ පෙරාගෙන......

"ඕයි කොල්ලනෙ උබලා ඔතන මරාගන්නවා නේද.... ඔක්කොම අල්ලලා දානවා කුඩුවේ එකෙක් හෙල්ලෙන්නේ නෑ..... " හරිනේ ඉතිං පුපේ අමාරු මේ යක්ඛ පුත්තු දෙන්නාගේ ගුටි කෙලි සංදර්ශන බලාගෙන හිටිය ට්‍රැෆික් පොලිස් අංකල් පාරත් පැනලා එන්න හදද්දී ම කොල්ලො ටික ආයේ නෑ බල්ලෙක් පස්සෙන් පන්නා කියලා හිතං දිව්වා.....

Walathuru (ongoing)Where stories live. Discover now