(edited)
"අක්කා..."
ධීශ්වර අයියගෙ වාහනෙන් බිමට අඩිය තිව්ව ඒ රූපෙ දිහා මං බලං හිටියා....අක්කගෙ මූණත් එක්ක කලු ගැහිලා ගිහිං....දවසට දෙකට එයා ඇදිලා ගිහිං..
"සේනාධිහ්.."
මගෙ පිටිපස්සෙන් නැන්දගෙ කටහඬ ඇහෙද්දි ඒ එක්කම මාවත් තල්ලු කරං ඉස්සරහට ගිහින් නැන්දගෙ අත අක්කගෙ කම්මුල රත් කරද්දි මං වෙනසක් නැතුවම හේබාලා ගිය අක්කා දිහා බලං හිටියා....එයාගෙ මූණෙ තිබ්බෙ අර කම්මුල් පාර බලාපොරොත්තු වුන විදියෙ පෙනුමක්...හැබැයි ඊලඟට ඇහුන වචන එක්ක ඒ ඇස් ගැස්සුණා....
"යන තැනක කියලා යන් නැතුව උඹ මෙහෙම ගින්දර දෙන්නෙ ඇයි පුතේ....හැමදාම ගෙදරින් යද්දි ගිහිං එන්නං කියලා යන කෙල්ල ඔහොම නොකියම ගියාම මෙහෙ ඇති වෙන තත්වෙ නිකංවත් හිතුවද ආ..."
"අනූ ඇති, සේනාධි යන්න ගෙට, චූටි,අක්කට වොශ් එකක් දා ගන්න දෙන්න...."
රන්දු ඇවිත් නැන්දවත් එක්කං එතනිං යද්දි,මං තාමත් අක්කා දිහායි අක්කා තාමත් බිම දිහායි බලං නැවතුනා...
"බබි අක්කෙ..."
ධීශ්වර අයියයි ශෙහංස අයියයි ගේ දිහාවට යද්දි රුෂි අක්කා ගිහින් අක්කට කෑ ගහගෙන යන්න හදපු සෙව්වව අල්ලලා නතර කර ගත්තා.....
"තමුසෙ කරන දේවල් තනියම කරන්න හිතුවට කමක් නෑ අක්කෙ,...අපිව අමතක වුණත් කමක් නෑ...හැබැයි අපෙ අම්මයි මෙන්න මේ හැම මගුලටම හොටු පෙරා ගන්න ගොං ලබ්බිවයි දැනුවත් කරලා පලයං යන තූත්තු කුඩියක.....නැත්තං අපි ඕන උඹ නිසා නහින්න..."
සෙව් කෑ ගහන එක සාධාරණයි...තාත්තා නැති වුන දවසෙ හවස ඉඳලම අක්කා නෑ කියලා අනූ ඇන්ටි විස්සෝප වෙවී අඬද්දි සෙව් තමයි ලඟ ඉඳං කෑම එක පවා කැව්වෙ...මුලදි මං නිතරම රුෂි අක්කගෙනුයි සෙව්ගෙනුයි අක්කා කෝ අහද්දි රුෂි අක්කා කියාගන්න දෙයක් නැතුව අසරණ වුණත් සෙව් මාව තුරුල් කරං අක්කා එයි කියලා හිත හැදුවා...අක්කයි තාත්තයි දෙන්නම එක පාර නැති වුනා වගේ මං අඬ අඬ ඉද්දි මාව බලා ගත්තෙත් සෙව්...ඒකිට යන තරහ සාධාරණයි...අන්තිමට තාත්තාගෙ ෆියුනරල් එක දවසෙ තමයි අක්කා පොලිසියට ඇවිත් කටඋත්තර දුන්නා කියලා ධීශ්වර අයියා කිව්වෙ..එතකන් අක්කා කොහේ හිටියද මොනවා කරාද කියලා අක්කම තමයි දන්නෙ....
![](https://img.wattpad.com/cover/340598174-288-k450515.jpg)
YOU ARE READING
Once(Still Ongoing)
Non-Fictionලස්සනම කතාව වුණත් එක තැනක් දුකින් ලියවුණා... පරිච්ජේද ගණනාවක්ම ලියවෙන්න තිබ්බත් මේ කතාවෙ , තවත් පරිච්ජේදයක් ගැන හිතන්න හිතක් නෑ... දුක හිතෙන කතා වලට කවුරුත් කැමති නැති නිසා.... ඉතින් යන්න කලින් එක පාරක් කියන්න, ආදරෙයි නේද?.... ⭕මෙම නිර්මාණය උපුටා...