කතාව පටන් ගන්නවා????..මේකා මේ කියන්නෙ ආයෙම රූපවාහිනියෙ යන සුජාත දියණිය ගැනද..නෑනෙ ඒකත් ඉවර වුනානේ..
"රුද්දාස්ස..ඔයා කතාවක් කියන්නද යන්නෙ.."
"ඈ ඒයි..කතාව පටන් ගත්තා කිව්වේ..නවකතාවක්ද..චිත්ර කතාවක්ද.."
"කියන්නකෝ යක්දෙස්සො.."
මේකාගෙ ඔලුව කැක්කුමවත් අල්ලලාද..
ඇගිලි වලින් නලල මිරිකන විදියට ගැලවිලා එන්නත් බැරි නෑ..ආන් ඒ ගමන අත් දෙකෙන්ම මූන වහගත්තා..මන් හිතන්නේ රුද්දාස්සයා හෙන සීරියස් කතාවකට තමා මේ එන්ටර්වෙන්න හදන්නෙ..එයා සීරියස් වෙද්දි ගනන් නොගෙන ඉන්න හොද නෑනේ..යකෙක්ගෙ උනත් හැගිම් තෙරුම් ගන්න මට බැරි නෑ.
මම හුලං පෙත්ත වගේ වන වන ඉදපු මගෙ අන්ත්රාවක් නොවුන කකුල අතින් අල්ලලා නවත්තගත්තා..පස්සෙන් පැත්තක් හිමීට උස්සලා ඒකාගෙ පැත්තට හැරිලා හොද අවදානෙන් ඉන්නෙ කියන්න වගේ ඇස් ගෙඩි දෙකත් ලොකූවට ඇරගෙන එයා දිහා බලාගත්තා..හරි දැන් ඔයා කියන්න..
"මොකද්ද රුදාස්ස කතාව.."
"කතාවක් නෑ..මිනිස්සු හරි මෝඩයි..එච්චරයි.."
එව්ව්ව් මෝඩ යකා..බලපම් මන් හෙන සීරියස් පිට මේකාට ඇහුන්කන් දෙන්නනෙ හැදුවෙ...මුඩුමයා..මටයි වැරදුනේ..යක්කු එක්ක මොකට කතාද..
"ඔව් ඔව් මිනිස්සු මෝඩයි..යක්කුන්ටනෙ මොලෙ තින්නේ..අනෙ මන් කිව්වා කියලා හිතාගනිම් යකෝ උඹ.."
"යකෙක් එක්ක කතාවට ආපු මට තලන්ඩෝනෙ කබර වලිගෙන්.."
ඕන් ඒගමන අපි දෙන්නාම මීයට පිම්බා..හුලගට හෙලවෙන ගස් කොල වල සද්දෙයි..කුරුල්ලෙක් දෙන්නෙක්ගෙ කිචි බිචියයි ඇරුනම හූවක් වත් ඇහෙන්නෑ..
යකාගෙන් මිදිලා මාත් වටේට ඇස් දාගත්තා..හනේ මේ ඉන්නෙ මයිලේ..
බලන්න එයා කොච්චර ලස්සනද..හුරතල් පාට අහිංසකයෙක් අනේ..මයෙ කිරි කැටි පැටියා..හොදට හැදිලා එයා..එ ලස්සනට ඇස් අහකට ගන්න හිතෙන්නෑ..
මාත් ගෙයක් හදපු කාලෙට මයිලෙවත් ගෙන්න ගන්නවා..මෙ වගේ බෙන්ච් එකක් හදලා මයිලේ යටින් වාඩිවෙලා
දවසක මගෙ වෙන එයත් එක්ක සැඳෑවරුව ගත කරනවා..
![](https://img.wattpad.com/cover/361847483-288-k487006.jpg)