Chapter 15

302 35 147
                                    

ගෙම්බොන්ගේ බක බක සද්දෙයි එහෙන් මෙහෙන් ඇහෙන කෑරලොන්ගේ ලතෝනියයි එක්ක මන් තෙරුන් ගත්තා දැන් උදේ වෙලා කියලා...

දැන් උදේ පාන්දරට කුරුල්ලො කිචි බිචි ගාන්නැ යකෝ ගෙම්බො තමා බක බක ගාන්නේ..ඒ අස්සෙන් කාක්කෙක් දෙකෙක් කෑගහන සද්දෙත් ඇහෙනවා..කාක්කෙක්ගෙ සද්දයක් ඇහුනෙත් මෙහාට ආවට පස්සේ..ගෙදර ඉද්දි කපුටෙක් තියා කපුටු ගූ කෑල්ලක්වත් නෑ ආසාවට දකින්න...

ඇස් ඇරලා නැතිවුනාට මම නැගිටලා හරිත..මම නෙමෙයි මගේ මනස කියන දේවරාජයා..මන් හිතන්නෙ දැන් හයට වගෙ ඇති..මෙච්චර සීතල හයට හතට වගේ තමා..ඕන් දැන් නම් නහයත් කූල් වේගෙන හොටු තට්ටු දියවේගෙන එනවා..ම්ම්ම් ග්ලැසියර් දිය වෙනවා..

වෙන්දට නම් ශීට් එකයි බෙඩ්ශීට් එකයි දෙකම ඔතාගන්නවා මන් මහා පාන්දරට..සීතලට මිනි සක්‍රත් අවදිවෙලාදෝ මන්දා..මයෙ පුතා ඉදපන් ලැට් එකට යනකම් අල්ලපු පැත්තෙ ඉන්නෙ මනුලයා..ඕකා ඔයාව දැකලා හීල්ලුවොත් කෙට්ටු වෙන්නත් බැරි නෑ..එක නිසා ඉවසපන්...ඕකාගෙ ඇස් වහා අල්ලපු වත්තේ ඉන්න සීලවති ආච්චිටත් වඩා බලවත්...

අද හැබැයි වෙන්දා තරම් සීතලක් නැහැ... රෙද්ද හරියට පෙරගෙනත් නැතුව මට කවදාවත් දැනිලා නැති උනුසුමක් දැනෙනවා..වෙද සීයාප්පච්චි මන් ගැන දුක හිතිලා කාමරේට හීටරයක්වත් සෙට් කරලත..

අපෙන් එකෙකි ඒ මිනිසා කිව්වලු..බලන්න ඉතිම් එ උදාර සීයා ඩැඩී මන් ගැන කොච්චර....නම් හිතනවද කියලා.. උදෙට ගිහින් එ වට කෙස් මැද හිස් තට්ටෙට උම්මේකක් දීලා පපුව ගාවට දිග රැවුට කොන්ඩ කට්ටජ් ගහලා එන්නොනේ..

මට දැන් සෑහෙන දවසක ඉදන් තියෙන ප්‍රශ්නයක් මේක..

ඒවුනාට ඒක අහන එකත් මොකද්දො වගේ...

නැ එක්කො ඔන්නෑ..

එවුනාට මන් අහන්නෙ නාකි කපල් උනත් වයස ගැන නොහිතා ලව් කරන කාලයක් වෙද්දි වෙද සුදුසීයාප්පච්චි එයාගේ හාමිනේ දෝනියැන්දයිත් තාම කිස් කරනවා ඇති නේද...ඇති නෙහ්!!...

අනෙ මන් නම් වල පය ගොඩ පය තියෙද්දිත් ලෞ කරන්න හිතාගෙන ඉන්නෙ..

මන් දන්නවා මන් මෙ අහන්න යන්නෙ එලොටත් නැති මෙලොටත් නැති පුරස්නයක්..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now