Chapter 13

361 47 37
                                    

" ගම්බාර දෙවියන් වහන්සේගෙ පිහිටෙන් කොලු පැටියට හොද වුනා නේද නංගියේ."

"අනෙ ඔව් අක්කේ..වෙද තාත්තාට තමා පිං දෙන්න ඕනි..මම හරියට බය වුනා.."

"අපේ මාමා හොද නොකරපු ලෙඩක් නෑනෙ නංගියේ..එක නෙමෙයි කවදා වගේද රිසාල්ට් එන්නෙ..හේලාක්ෂ නම් කියන්නෙ කැම්පස් තේරෙයි කියලා..කොල්ලා අම්මාට කෝල් කරපු වෙලාවක කියලා තින්නේ ඔය ..අපේ පොඩි කොල්ලා මොකෝ කියන්නෙ.."

"තාම මුකුත් කියන්නැ අක්කෙ..රිසාල්ට් ආවම බලාගන්නලු.."

"එහෙම පුලුවන් ද..ශුවර් එකක් නැත්තම් ආයෙ දාන්න එපැයි..ඈ සහසැස් පුතේ එක්සෑම් එක මොකො.."

"අනෙ තාත්තෙ..ඔන්න ඕකෙන් මස් කෑල්ලක් දාන්ඩ...ඒ හේලාස්ස ඔය පපඩම් එක එවප්..න්න..."

" කොල්ලො.."

"වෙද සීයේ අද නම් කෑම පංකාදු පහයි නෙහ්..අම්මෙ ලැජ්ජ වෙන්නෙපා තව බෙදාගෙන කන්න.."

"මන් කිව්වෙ අක්කෙ..මේකා ඔහොම්මමයි.."

අල්ලපු මගුලේ ඉන්න නාකි මලහෝන්තුවගෙන් තියෙන්නෙ carryම  වදයක්නේ..මයින්ද මාත්තයාගෙ මල්ලි බබාවත් මෙච්චර දුක් දුන්නෑ අපිට..

අම්මලා ආවා විතරයි පරදේසක්කාර අසල්වාසින් මෙහෙට සැපැත් වුනා..මාගේ නිදහස විනාස කිරිමට පැමිනි තුච්ච ද්‍රෝහීහූ...කනවා යකෝ මස් කට්ට..

ආවා නම් සැප දුක බැලුවා නම්  වෙන අටමගලයක් නොකර යන අතක් බලාගෙන යන්නෙපැයි..අර මක්කටද මුන්දෑ මේක අස්සෙ ලැගලා දවල් ආහාර භෝජස සංග්‍රහයටත් වාඩිවුනේ..

අල්ලපු වලව්වෙ ඉන්න මිනුස්සු මොන පාටද කියලවත් දන්නැති මම..මේ මලවහන්තරාවනම් ඉදලා හිටලා යනවා එනවා..සිකුරුලියාගෙ අම්මන්ඩි නොවුනානම් මම දනී කරන දේ..සැක් මන් හිතන් ඉදියේ නැන්දම්මා නැති කෙල්ලෙක්ව කැන්දන් එන්න..දැන් ඉතිම් සිකුරිට කියන්නොනේ බැන්දට පස්සෙ අම්මාලා එක්ක නම් ඉන්න බෑ අපිටම කියලා ගෙයක් හදාගෙන යමුයි කියලා..මෙ කුන්ඩවාලෙ එක්ක වසන්න පුලුවන් ද..දැන් දැක්කානෙ රිසාල්ට් ගැන අහගෙන ආවා..යකො අපෙ අම්මටවත් නැති අමාරුවක්නෙ අහක ඉන්න උන්දැට තියෙන්නෙ..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now