Chapter 16

253 37 89
                                    

"රුද්‍ර...................................................ඔහු ඉක්මනින් පැමිණේවී..."

" මොකක්ද ඉක්මනින් කියන්නෙ..හරියට කියපන්කෝ සිරිරාලේ.."

"සිරි..රාලෙ??.."

"අනේ වහුටු පැංචෝ තෝ කොයි ගමනා කිව්වලු තමා..යකෝ ඇටකිචි බේබි චිකිලක බයියෝ..තොට මන් අහාපු හැටක් දේවලින් ඇහුනෙ ඒ ඇටේ විතරද..ඒක කටට ආපු එකක්..නිකන් කියලා දැම්මේ..සෙද්ද අගයන්නැතුව තෙරෙන්න හරියට කියපන්..කෝ රුද්දෙ කෝ..මන් අහන්නෙ කෝ..ඇයි එයා එන්නැත්තේ..වයි වයි වයි..මන් අහන්නෙ වයි..."

අනේ මේ ආප්තෝපදේස හොරණෑ නිඝණ්ඨකයාට බ්ලොක් ගල් බාගෙකින් දමලා අරින්න ඇත්නම්..මන් මේ හිතාස්සෙන් ගිනි ගන්නවා..

හිතාස්සට හීන ගොඩක්....
ගෙනාල්ලා දුන්න....
ඔය ඇස් දෙක දකින්නැතුව...
හිදින්නේ කොහොම....🎶🎶🎶🎶

යොහ් රුද්දෙ ඔයා කොහෙද සුදු පැංචෝ...අම්මපා සිරාවට මේකාට මොකක් වුනාද...මනුල..ඌත් නෑ..රුද්දෙත් නෑ..මුන් දෙන්නා මට බුන්ගි ඩෑන්ස් වගේ ඔලු බක්කො ඩාන්ස් පෙන්නලා හද පානෙ පැනලා ගියාවත්ද..

රුද්දෙ එය එසේ නම් තොට කාර්තු වසයෙන් හෙන ගහනවා බොලව්....

"වලිප්පුව හැදුනා වගේ උඩ පනින්නැතුව ඉදපන්..උබේ යකා එන වෙලාවට එයි..කොහෙද තමුන් ෆෝන් එක ටිකක් දුන්නානම් ඔක්කොම කියන්න තිබුනා..කමක් නැ දුකක් නෑ..නර පණුවො වගේ පගාව ගන්න පුරුද්දක් නෑනෙ මන් ගාව...හිතාගනින් රුද්දෙගෙ බැට්‍රි බැස්සා..එයා දැන් ආරොපණය කරගන්න ගමන් ඉන්නෙ...කියලා.."

මක්ක කිව්වා...රම්පෙට දෙල් හැලෙයි..පොල් ගහේ හොරි හැදෙයි තමා ඉතිම්..මූ..මූ..මූ වගේ අප්ඩේට් යක්කෙ මන් මගේ ජීවිත වංශ කතාවෙදි දැකලාම නැ..මූ කාගේ දරුවෙක්ද චන්ද්‍රපාල....අනේ හුට්ටෝ..මේන් මේ කොම්බු සිපයියාට පැණි සිදරං ගෙඩියක් කව්වෝපන්කෝ..

"අනෙ අම්මා...පල්ලා...බැට්‍රි බහින්න රුද්ද්‍ර ෆොන් එකක්ද බොලව්..ආරෝපණ නෙමෙ මන් තොව අවරෝපණ කරනවා දැනගනින්..අනෙ යකෝ කියපන්කො හරියට..රුද්දෙ කෝ..මනුල කෝ..උන්ට මොකෑ වුනේ.."

මගේ ඔලුවෙ සුසුම්නාව පුපුරන්න වගේ දැන් නම්..අනෙ උඩ ඉන්න සක්‍රායියේ..මට හෙල්ප් මී පීස්...

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now