Chapter 09

116 16 10
                                    

"ඔයා..?!!"

Hoseokට වගේම එයාගේ ඇඟේ හැප්පුන කෙනාටත් කියවුනේ එකිනෙකාව දැකලා.

Hoseokගෙ ඇඟේ හැප්පිලා තිබුනෙ Yoongi.

"කොහොමද ඉතින්?" Yoongi එයා අහුලපු කොල ටික Hoseok අතට දෙනගමන් ඇහුවා.

"හොඳයි... ඔයාට කොහොමද?" Hoseok ඇහුවේ හිනාවෙලා.

"මාත් හොඳින්...ඔයා මොකො කරන්නේ මෙහෙ...?"

"ම්ම්ම් මේ කැෆේ එකක්නේ..... ඉතින් කැෆේ එකකට එන්නෙ සාමාන්‍යයෙන් කෝපි එකක් බොන්නනෙ නේද....?" Hoseok කිව්වේ හිනාවෙන්නමයි.

"ඒක මම දන්නවා... මම ඇහුවේ දැන් යුනිවර්සිටි ටයිම් එක නිසා...."

"අහ් ඒකද.... දැන් අපේ ලෙක්චර් එක ඉවරයි... ආයේ ලෙක්චර් එකක් තියෙන්නේ... පැය දෙකයි විනා ඩි තිහයි තප්පර පහකින්...." Hoseok කිව්වේ එයාගෙ වොච් එකෙ වෙලාව බලනගමන්.

"එහෙමද... ඉතින් ඔයා තනියම ද ආවේ?" Yoongi ඇහුවේ Hoseok විනාඩියට තප්පරේට වෙලාව කිව්ව විදිහට හිනාව එක්කමයි.

"නෑ මගෙ යාලුවා එක්ක... අර ඉන්නේ... ඔයා ආවේ තනියම නම් අපිත් එක්ක ජොයින් වෙන්න..."

Hoseok Yoongi පිටුපාලා හිටිය පැත්තෙ Jiminවත් පෙන්නන ගමන්, වේටර් ගර්ල් රෙඩි කරලා දුන්නඕඩර් එක තියෙන ට්‍රේ එක ගන්න හදන ගමන් කිව්වා.

"සර්.. සර්​ට ෆයිල් එකත් එක්ක අමාරු නම් මම ටේබල් එකට ගේන්නම්..." වේටර් ගර්ල් කිව්වේ Hoseokට ට්‍රේ එක ගන්න අමාරු නිසා.

"ඕන නෑ ඒක මම ගන්නම්... මගෙ කොෆි එකත් දෙන්න..."

Yoongi එහෙම කිව්වම වේටර් ගර්ල් Yoongiගෙ කොෆි එකත් ඒ ට්‍රේ එකෙන්ම තිබ්බම Yoongi ට්‍රේ එක ගත්තා.

"Yoongi ඔයා යන්න මම pay කරලා එන්නම්..."

Hoseok කිව්වේ වොලට් එක ගන්නගමන් ට්‍රේ එක අල්ලගෙන ඉන්න Yoongiට.

"හරී..." කියලා Yoongi එතනින් ගියා.

"ආ.. මට තව චොක්ලට් කේක් piece එකක් දෙන්න..."

"සොරි සර් අපි ලඟ තිබුන අන්තිම piece එක තමා කලින් කස්ටමර්ට දුන්නෙ..."

"ආ එහෙනම් මට අර.. Orange flavour chocolate glazed එකෙන් එකක් දෙන්න..."

Hoseok කිව්වම වේටර් ගර්ල් චොක්ලට් ග්ලේස් එකක් උඩින් දාපු තැඹිලි පාට ත්‍රිකෝණ හැඩේ කේක් piece එකක් සුදු පාට ඩෙසට් ප්ලේට් එකක තියලා දුන්නා.

MAFIA's BEAUTY & CUTIE |YoonMinSeokWhere stories live. Discover now