Chapter 07

155 26 22
                                    

Hoseok දුවද්දි ඒ පැත්තටම සිහියක් නැතුව  දුවගෙන ආව ගෑනු ලමයෙක් එයාගේ ඇඟේ හැප්පුනා.

"අනේ මට සමාවෙන්න..." කියන ගමන් Hoseok ඒ ගෑනු ලමයට නැගිටින්න අත දුන්නා.

"ආහ් ඒකට කමක් නෑ... මමත් සිහියෙන් නෙවෙයිනේ ආවේ..."














ඩෝං💥💥💥💥💥💥





























Hoseokගෙයි ගෑනු ලමයාගෙයි ඇස් එකපාරටම දිව්වේ එයාලා හිටපු තැනට ඉස්සරහින් තියෙන රූම් එකට.... ඒ රූම් එකේ ඩෝ එකෙි ගහලා තිබුනේ No.224 කියලා.... ඔව් ඒක තමා Jayhyun කියපු රූම් එක වගේම සද්දෙ ආවෙත් ඒ රූම් එකෙන්.

"ඒ- ඒ- ඒ වෙඩි සද්දයක් ද..?"

ගෑනු ලමයා Hoseok දිහා බලනකොට එයාට උත්තරයක් නොදීම අතේ තිබුන රෝස පොකුරත් අතටම තද කරගත්ත Hoseok වෙව්ලන ඇඟිලි වලින් පාස්කෝඩ් එක දෙතුන් සැරයක්ම ගහලා අවසානෙට ඩෝ එක ඇරගෙන රූම් එකට ඇතුලට දිව්වා.

"Jayhyunnnn!!!"

Hoseokගෙ අතේ තිබුන රෝස පොකුර සුදු ටයිල් පොලොව වහගෙනම පැතිරුණ ලේ ගොඩක් උඩට වැටුණේ ඒ ලේ ගොඩ මතම වැටිලා ඉන්න කඩවසම් රූපේ දැකලා.

Hoseok ගිහින් එතනින් දණගහගෙන Jaehyunගෙ නිසළ සිරුර එයාගේ ඇඟට හේත්තු කරන් අඬන්න පටන්ගත්තෙ පොඩි දරුවෙක් වගේ.

පැය බාගයක් විතර යනකොට හොටෙල් එකේ ස්ටාෆ් එක වගේම මීඩියා වලිනුත් හොටෙල් රූම් එක ලඟ පිරිලා තිබුනා... ඒකට ලොකුම හේතුව Jayhyun ලෝක ප්‍රසිද්ධ K idol කෙනෙක් වුන එක... පොලිසිය ඉක්මණට හොටෙල් එකේ entrance එක වගේ exit එක හැමදෙයක්ම වහලා දැම්මෙ හොටෙල් එකේ කිසිම කෙනෙක්ට එලියට යන්න බැරිවෙන්න.

"තමුන් කවුද?" රූම් එකට යන Jiminගෙ පාර හරස් කරපු ඔෆිසර් කෙනෙක් ඇහුවා.

"Park Jimin.."

"එයාට එන්න දෙන්න..." එතන නිලයෙන් උසස් ඔෆිසර් කෙනෙක් කියනකොට Jiminට එන්න දුන්නා.

ඒ ඔෆිසර් එක්ක Jayhyunගෙ වගේම එයාගෙ බොඩිගාඩ්ගෙ සිරුරු තියෙන තැනට ආව Jiminට එයාගෙ සහෝදරයා වෙනුවෙන් කෑගහලා අඬන්න ඕන උනත් හෙට appa එනකන් මේ වැඩ බලන්න ඉන්නේ තමන් විතරක් නිසා එයා ශක්තිමත් වුනා.

MAFIA's BEAUTY & CUTIE |YoonMinSeokTempat cerita menjadi hidup. Temukan sekarang