"Namjoon hyung! Namjoon hyung!! ඔයා මේක දැක්කද?"
ගාල කඩාගත්ත කවුද වගේ Namjoon ගාවට දුවගෙන ආව Felix දෙකට නැවිලා එක අතකින් දනහිසකට වාරුවෙලා හති ඇර ඇරම අනිත් එයාගෙ ෆෝන් ස්ක්‍රීන් එක Namjoon දිහාට දික් කරා.
"Shit!! මේක දැම්මෙ කවුද?"
ෆෝන් ස්ක්‍රීන් එක දිහා බලාගෙන එහෙම කෑ ගහගෙනම දිව්වේ Jinව හොයාගෙන.
"මේ මොන විකාරයක් ද?!! Felix මේක දාපු කෙනාව ඔයාට හොයාගන්න පුළුවන් උනාද?" ෆෝන් එක දිහා බලාගෙන හිටිය Jackson ඇහුවා.
"නෑ hyung... මම Hyunjinට කියලා බලන්නම්...."
"ඔව් එයාට පුළුවන් වෙයි හොයාගන්න... දැන් ඔයා හෝල් එකට යන්න... Jimin ගැනත් පොඩ්ඩක් බලන්න... එයා අවුලෙන් හිටියේ..."
"Ok Hobie hyung...." කියලා Felix එතනින් ගියා.
"Hoba අපිත් යන් hyungව බලන්න..."
පස්සෙ Hoseok, Jackson දෙන්නත් හෝල් එකෙන් එලියට ගියා.
Namjoon Jinව හැමතැනම හෙව්වා... මුලින්ම Jinගෙ ෆැකල්ටි එකේ ලෙක්චර් හෝල්ස්, වොෂ්රූම්ස්, medicare රූම් එක ස්ටාෆ් රූම්ස් මේ හැමතැනකම හෙව්වා.
Jinව හොයලා හොයලා අන්තිමට Namjoon හිටියේ uni එකේ ග්‍රවුන්ඩ් එක මැද Jin ඉන්න තැනක් හොයාගන්න බැරුව. ඔහොම ඉද්දි Namjoonට කෝල් එකක් ආවා ඒ Hoseokගෙන් Namjoon ෆෝන් එක ආන්සර් කරා.
"හලෝ Hoba... තවම නෑ බං.. ෆැකල්ටි එක පුරාම බැලුවා... අනේ මන්ද මම එයා සාමාන්‍යයෙන් ඉන්න හැමතැනම බැලුවා.. ඒ කොහෙවත් න්- ... පොඩ්ඩක් ඉන්න... මම හිතන්නේ මට එයාව හම්බුනා.... ඔව් ඔව් මම කතා කරන්නම්..."
Namjoon Hoseokට එහෙම කිව්වේ එයා Jin ඉන්න තැන දැක්ක නිසා.
Namjoon කෝල් එක කට් කරලා ෆෝන් එක කලිසම් සාක්කුවට ඔබා ගන්න ගමන් දිව්වේ එයාගෙ ෆැකල්ටි බිල්ඩින් එකට... ෆැකල්ටි එකේ හම්බෙන පඩිපෙළවල් ඔක්කොම දිගේ දුවගෙන ආව Namjoon නැවතුනේ 'Exit' කියලා ගහපු දොරක් ඉස්සරහා එතන ටිකක් අඳුරුයි. Namjoon ඒ දොර ඇරියා.
දොර ඇරිය ගමන් ආවේ ඇස් කඩන් යන ලොකු එලියක් ඒ යුනිවර්සිටි එකේ Namjoonගෙ ෆැකල්ටි බිල්ඩින් එකේ rooftop එකට යන දොර. rooftop එකට ඇවිත් Namjoon දොර වැහුවා.