"ලෙක්චර්ස් නැද්ද අද? මෙහෙම ඉන්නද කල්පනාව දවසම? ම්ම්ම්..."Namjoon Jinගෙ ඔලුව අතගාන ගමන්ම ඇහුවා."ඇයි ඉන්න එපා ද?" Jin ඇහුවේ Namjoonව බදාගෙනම මූණ උස්සලා පොඩි එකෙක් වගේ රවාගෙන මූණත් චුට්ටක් රතුවෙලා.
"නෑ නෑ ජීවිත කාලෙම හරි ඔහොම ඉන්න හැබැයි මෙතන අව්වයි..."
Namjoon කිව්වේ තමන්ට වඩා වයසින් වැඩි උනත් Jinගෙ හුරතලේට හිනාවෙවි.
"එහෙනම් එන්නකෝ..." කියලා Namjoonගෙ අතකිනුත් ඇදගෙන දිව්වේ රූෆ්ටොප් එකේ කොණට වෙන්න බිත්ති හතරකුයි වහලෙකුයි එක්ක හදලා තිබුන කාමරයක් වගේ එකක් ලගට.
"මේ මොකක්ද ?"
"ඇතුළට ගිහින්ම බලන්නකෝ..." කියනගමන් Jin එයාගේ පෑන්ට් එකේ සාක්කුවෙන් ගත්ත key එකෙන් දොර ඇරියා.
"Woaahh... මම දැනගෙන හිටියේ නෑනේ... මේක මෙහෙම රූම් එකක් කියලා...." Namjoon කිව්වේ ඒක ඇතුලට ගිහින් ඒකේ තිබුන සිංගල් සයිස් බෙඩ් එකෙන් වාඩිවෙන ගමන්.
ඒක ඇතුල පොඩි බෙඩ් රූම් එකක් වගේ tv එකක්, බෙඩ් එකක්, සෝෆා එකක්, පොත් ගොඩ ගහපු පොඩි ස්ටඩී ටේබල් එකක් මිනි ෆ්රිජ් එකක් වගේම කරන්ට් එකෙන් වැඩ කරන එහෙ මෙහේ ගෙනියන්න පුළුවන් a/c එකකුත් තිබුන ඒක කාමරේ රස්නෙ අඩු කරන්න හොඳටම ඇති.
"ෂෝක්නේ...?" කියනගමන් දොර ලොක් කරගෙන ඇවිත් Jin Namjoon ගාවින් වාඩිවුනා.
"හ්ම්... appa දන්නෙ නැද්ද මේ රූම් එක ගැන...?"
"දන්නවා ඒ රූෆ්ටොප් එක හදද්දි ඒ හදන අය නැවතිලා හිටිය කාමරේ හැටියට..." Jin කිව්වේ හිනාවෙලා.
"ම්ම්ම්..."
"Joon...." Jin කතා කරනකොට කාමරේ ඇස් යව යව හිටිය Namjoon බැලුවේ Jin දිහා.
"Baby...?"
"I missed you sooo much...." Jin කිව්වේ හුරතලෙන් කටත් උල් කරගෙන. මේ අවස්ථාවේ නම් Namjoonට සාධාරණ බයකුත් ආවා එයාගේ මේ හුරතල් බෝයිපෙන්ව කවුරුහරි අරගෙන යයිද කියලත්.
Namjoon අත් දෙකත් දෙපැත්තට විහිදුවේ Jinට එන්න කියන්න වගේ ඒ එක්කම Jin Namjoonගේ අත් අතරට පැනලා එයාව බදාගත්තේ Namjoonගේ බැලන්ස් එක නැතුව ගිහින් එයාව ඇඳ උඩට වැටිලා තමන්ව Namjoonගේ ඇඟ උඩට වැටෙනකොට. Jin Namjoonගේ ඇඟෙන් අයින් වෙන්න හැදුවත් එයාගෙ ඉණ වටේ එතුන Namjoonගේ ශක්තිමත් අත් නිසා එයාව Namjoonගේ ඇඟටම තද වුනා.ඔලුව පැත්තට හරවලා තමන්ගෙ ඉණ වටේ එතිලා තියෙන Namjoonගෙ අත් දිහා හිනාවක් එක්ක බලලා ඒ හිනාව එක්කම Namjoonගෙ මූණත් බලලා Jin තමන්ගෙ ඔලුව Namjoonගෙ පපුව උඩ තියාගත්තේ එයාගේ හාට්බීට් එකටත් කන් දීගෙනමයි.
.
.
.
"එහෙනම් අදට ලෙක්චර් එක ඉවරයි... මතක ඇතුව හෙට අනිවාර්යයෙන් මම කියපු අසයිමන්ට් එක අරගෙන එන්න... good evening හැමෝටම... ඇටෙන්ඩන්ස් පේපර් එක කා ගාවද දැන්..?"