"හාපෝ මොකද බං ඔය කෙල්ලෙක් වගේ...? මම උබව දූෂණේ කරන්නේ නෑහ්..😒😂" Yoon කිව්වේ Yoongi ඇඟ වහගත්ත විදිහට හිනා වෙවී එළියට යන ගමන්.
කොහොමහරි Yoon ගියාට පස්සේ Yoongi චේන්ජ් කරන් පහලට ආවට පස්සෙ දෙන්න ඔෆිස් එකට ගියා.
●
●
●
●
●දවසින් දවස ගෙවිලා ගිහින් Yoongi Hoseok ගැන හොයන්න Yoonට දුන්න සතියේ අවසාන දවසත් ආවා. ඒ කියන්නේ Yoon අද දවස ඇතුලත Yoongiට ඒ විස්තර ටික දෙන්න ඕන.
Yoongi හිටියේ එයාගේ ගෙදර ටීවී එක බල බල. ඔය අතරතුරේ ආවේ Yoon. කාර් එක පාත් කරලා එයා ගේ ඇතුලට ආවා.
"කෝ..?" Yoongi ඇහුවේ Yoon ඇවිත් හුස්මක්වත් ගන්න කලින්.
"ආ.." Yoon එයා ගෙනාව කලුපාට ෆයිල් එක Yoongiට දික් කරන ගමන් සෝෆා එකෙන් වාඩි වුණා.
Yoongi මුල ඉඳන් අගට වෙනකම්ම ෆයිල් එක බලලා ටේබල් එක් උඩින් තිබ්බා.
"මෙයාගේ පස්සෙන් කට්ටිය දාන්න... යන එන තැන්, මොනාද කරන්නේ ඒ හැමදේකම daily update ඕන මට..." Yoongi කිව්වේ ෆයිල් එකේ තිබුන Hoseokගේ ෆොටෝ එකක් එයාගේ මේන් ගාර්ඩ්ට දෙනගමන්.
"Ok sir.." කියලා ගාඩ් එතනින් ගියා
"Yoongi උඹ මොකක්ද කරන්න හදන්නේ...? බැරිවෙලාවත් උඹ......." Yoon උබ....... කියලා ඇදගෙන යනගමන් බැලුවෙ Yoongi දිහා.
"මම හිතන්නේ ඔව්... ඒත් ඒකමද කියලා විශ්වාස නෑ...."
"බලමුකෝ එහෙනම් ඉස්සරහට... Lea තනියම ගෙදර මම යන්න ඕන..." කියනගමන් Yoon සෝෆා එකෙන් නැගිට්ටා.
"හුම් පරිස්සමට යමන්..." කියනගමන් Yoongiත් නැගිට්ටා.
Yoon ගියාට පස්සේ Yoongi දොර වහලා ආපහු ගිහින් සෝෆා එකෙන් වාඩිවුනා.
Yoongi ආපහු ෆයිල් එක අරගෙන ඒකේ තිබුන තව Hoseokගෙ තව ෆෝටෝ එකක් අරගෙන ෆයිල් එක ටේබල් එක උඩින් තියලා සෝෆා එකේ පිටිපස්සට හේත්තුවෙලා බලාගෙන හිටියේ Hoseokගේ ෆොටෝ එක දිහා.
ඒ ෆොටෝ එකෙ Hoseok හිටියේ හරි ලස්සනට හිනාවෙලා Yoongiට තේරුනේ Hoseok තමන් එක්ක හිනාවෙනවා වගේ ඒ හින්දම ලේසියකට දකින්න නොලැබෙන Yoongiගෙ කියුට් හුරතල් ආදරණීය හිනාවත් එලියට ආවා.