පැය දෙක තුනක විතර ගමනකින් පස්සෙ Hoseok ලොකේෂන් එකට ඇවිත් කාර් එක නැවැත්තුවා. ඒ වෙනකොට Jiminට නින්ද ගිහින් තිබුනේ.
Hoseok කාර් එකෙන් බැහැලා ගිහින් Jimin හිටිය පැත්තෙ දොර ඇරලා Jiminට කතා කරා.
"Chimi නැගිටින්නකෝ.. අපි ආවා.." Hoseok කතා කරේ Jiminගේ කම්මුලකට තට්ටු කරන ගමන්.
"ම්ම් ආවද..?" ස්ලීපි වොයිස් එකකින් අහන ගමන් ඇහැරිලා හිනා උනා.
"ඔව් දැන් බහින්නකෝ.." කියන ගමන් Hoseok දොර ගාවින් අයින් වුණා.
Jimin කාර් එකෙන් බැස්සා.
කෝ එන්න පාක් එක තියෙන්නෙ පාරෙන් එහා පැත්තේ.." කියන ගමන් Hoseok Jiminගේ අතකින් අල්ලගෙන පාර පැන්නා.
දෙන්නා පාක් එකට ඇවිත් පැයක් විතර එක එක දේවල් කතා කරකර ඇවිද ඇවිද ඉදලා ඇවිත් බෙන්ච් එකකින් වාඩිවුනා.
"Hyung මටත් අයිස්ක්රීම් එකක් ඕන...." Jimin පොඩි ලමයෙක් වගේ පවුට් එකකුත් එක්ක කිව්වේ පාක් එකේ බබෙක්ගේ අතේ තියෙන අයිස්ක්රීම් එකක් පෙන්නලා.
"හරි මම අරගෙන එන්නම් හැබැයි ෆෝටෝ ගහන්නයි අරකයි මේකයි කියලා කොහෙවත් යන්නේ නැතුව මෙතනම ඉන්න ඕන මම එනකම්.." කියලා චුට්ටක් විතර තදින් කිව්වම Jimin පොඩි එකෙක් වගේ ඔලුව වැනුවා. ඊටපස්සේ Hoseok ගියා අයිස්ක්රීම් ගේන්න.
"ගුඩ් බෝයී.. මෙන්න ඔයාගෙ අයිස්ක්රීම් එක..."
ෆෝන් එකක ඔබ ඔබ හිටිය Jiminගේ ඉස්සරහට ඉස්සරහට ආවේ අයිස්ක්රීම් එකක්.
"ඔහ් hyung ආවද...?" Jimin ඇහුවේ ෆෝන් එක පොකට් එකට දාගෙන Hoseok දිහාට හැරිලා අයිස්ක්රීම් එක ගන්න ගමන්.
"හ්ම්... ඔයා දැක්කෙ නෑනේ ෆෝන් එක බල බල හිටිය නිසා..." Hoseok කිව්වේ එයාගේ අයිස්ක්රීම් එක තොලගාන ගමන්.
"අයියෝ hyungට ඒකට අවුල් ගියාද.. මම බල බල හිටියේ අද පෝස්ට් එකට ඇවිත් තියෙන කමෙන්ට්..." Jimin කිව්වේ Hoseok ඉස්සරහා බලාගෙන ඉද්දි එයාට පේන Hoseokගේ සයිඩ් ප්රෝෆයිල් දිහා බලාගෙන.
"ඉතින් මොනවද කමෙන්ට් කරලා තියෙන්නෙ...?" Hoseok ඇහුවේ අයිස්ක්රීම් එකෙනුත් කටක් කාලා Jimin දිහාට හැරෙන ගමන්.