"Felix Felix නැගිටින්න ඉක්මනට "
කවුද දෙයියනෙ කන උඩ නැගන් බෙරිහන් දෙන්නෙ . මට නිදිමතයි . මට තව නිදා ගන්න ඕනෙ .
' felix .....'
" seungmin මොකද ඔච්චර කෑගහන්නෙ ?"
මන් නිදිමතේම කෙදිරුවෙ ඇස් දෙකවත් අරින් නැතුව. ඇත්තටම මට හරි නිදිමතයි . ඊයෙ රෑ එලිවෙනකම්ම exam එකට පාඩ්ම් කරල නිදා ගද්දි පාන්දර 2.30. ඉතින් මන් ඉස්කෝල් ආව ගාමන් ම කරෙ ක්ලාස් එකේ පොඩි නින්දක් දාපු එක . ඒ වෙලාවෙ තමා seungmin ඇවිත් කෑගන්න ගත්තෙ"ලොකු ප්‍රශ්නයක් Hyunjin පල්ලෙ- "
"hyunjin එයාට මොකද"Hyunjin ගෙ නම කියනවත් එක්කම මගෙ නිදිමත කොහෙන් ගියාද දන්නෑ , මන් පුටුවත් පෙරලන් නැගිට්ටා .
" කියන්න seungmin එයාට මොකද "
" කලබල වෙන්න එපා felix . Hyunjin ට මොකුත් උන්නෑ තාම . හැබැයි මේ යන විදිහට මොකුත් නොවෙන්න බැරි කමකුත් නෑ . පල්ලෙහා ground එකේ hyunjin නුයි mark කුයි වලියක් මන් හිතන්නෙ- felix felix කොහෙද යන්නෙ felix "
Seungmin මොනවා කිව්වද කියන්න මට ඇහුන්නැ මන් කෙලින්ම දිව්වෙ ground එක දිහාවට. ඇයි මන් මෙච්චර කලබල වෙලා ඉන්නෙ කියලාවත් මට තේරුමක් තිබුන්නෑ . ඒ උනාට මට hyunjin ට කරදරයක් වෙනවා බලන් ඉන්න බෑ . මන් දන්නෑ මට ඇයි එහෙම හිතෙන්නෙ කියලා . එක්කො ඒ අපි අසල්වැසියො නිසාද. එහෙම නැත්තම් අපි දෙන්නා පොඩි කාලෙ ඉදන් හොදම යාලුවෙ නිසාද , මන් දන්නෑ මට කියන්න තේරෙන්නැ .
මන් ground එකට යනකොට හැමෝම වටවෙලා. මන් ඉස්සරහට ඇවිදන් ගියා . Hyunjin එයා හොදටම තුවාල වෙලා . ඒත් එයා mark එක්ක ගහ ගන්න එක නතර කරෙ නෑ . මන් දන්නවා ඒ hyunjin ගෙ හැටි එයාට තරහ ගියොත් එයාට එයාව පාලනය කර ගන්න බෑ . ඒ වගේම කාටවත් එයාව නතර කරන්නත් බෑ . හැබැයි
" hyunjin ඕක නතර කරන්න ඔය ඇති "
එයා මන් දිහ බැලුවා . මන් දන්නවා එයාව පාලන කරන්න පුලුවන් එකම කෙනා මන් . මන් දන්නෑ ඇයි කියලා හැබැයි හැම වෙලේම මන් කියන දේට අවනත වෙනවා . වෙන කවුරු නැතත් මන් කියන දේට විතරක්.
" felix "
" hyunjin නවත්තන්න දැන් ඇති . ඔයාට තුවාල වෙලා "එයා මට ඇහුම් කන් දුන්නා . මන් එයාව එක්කන් කෙලින්ම ආවෙ sick room එකට .
YOU ARE READING
Our Happy Ending
Short Story" ආදරය කියන්නෙ කලාවක් hyunjin. මගෙ හදවත හැමදාම තියෙන්නෙ ඔයා ලග, මං දිව්රලා කියන්නම් . ඒක වෙනස් වෙන්නෑ සත්තයි "