What

88 11 20
                                    

"ට්‍රීන් ට්‍රීන් "
දෙයියනෙ වෙලාව උදෙ 6.45 . හොදටම පරක්කුවෙලා දඩිබිඩි ගාලා ඇදෙන් නැගිටලා කෙලින්ම ගියෙ washroom එකට .

ඉක්මනට ඇදගෙන ගෙදරින් එලියට දිව්වෙ උදේට කන්නෙවත් නැතුව . තිබ්බ කලබලෙට තව ඩින්ගෙන් බෑග් එකත් අමතක වෙනවා .

මන් එලියට යනකොට hyunjin අපෙ ගෙදර ඉස්සරහ .

"ඔයා අද පරක්කුයි "

" මන් දන්නවා . අද නැගිටින්න පරක්කු උනා "

" එහෙනම් කොල්ලා හොද නින්දක් දාලා වගෙ "

එයා හිනා වෙලා කියද්දි මාත් හිනා උනා .

" පරක්කුයි hyunjin,යන්ද එහෙනම් "

කොහොම හරි අපි දෙන්නට වෙලාවට ඉස්කෝලෙට එන්න පුලුවන් උනා.
පලවෙනි පීරියඩ් දෙකම හෙන බෝරින්. Hyunjin නම කරෙ පන්තියෙ හොදට නිදාගන්න එක. එයා වැඩිහරියක්ම කරන්නෙ පන්තියෙ උගන්නන වෙලාවට නිදා ගන්න එක . ඊලගට exam ලං උනාට කෙලින්ම දුවන් එන්නෙ එන්නෙ මන් ලගට . පාඩම් අහ ගන්න .

පීරියඩ් 4ක් ම කොහොම හරි ඉවර උනා . ඊලගට ඉතින් interval .

" ඒයි hyunjin ඇහැරෙන්න දැන්වත් . දැන් interval "

එයා හිමින් සීරුවෙ නැගිට්ටෙ ලොකු හුස්මක් අර ගෙන .මොනවා නැතත් කොල්ලා කන එක නම් හොදමට කරනවා .

" එහෙනම් යන් නේද "

දෙන්නත් එක්ක clz එකෙන් එලියට එනකොටම දැක්ක දේ නම් එච්චර හොද දෙයක් නෙමෙයි. වෙන කවුරුත් නෙමෙයි mark කුයි එයාගෙ යාලුවො සෙට් එකයි . අදත් වලියක් අදින්න වගෙ අදහස

" අහ් බැලුවොත් ඇති දෙන්නා එකටම නෙහ් "

නෝන්ඩි හිනාවක් දාන් mark කියද්දි .hyunjin අල්ල ගත්තෙ mark ගෙ කොලර් එකෙන් .

"තමුසෙට මොකද අපි දෙන්නා කොහොම හිටියත්"
ඒ hyunjin .

" ඕ හෝ bro තරහ ගන්න දෙයක් කිව්වෙ නෑ නෙ . ඇයි ඔච්චර තරහ ගන්නෙ . අනික ඉතින් felix නරකමත් නෑ "

Mark මගෙ දිහා බලන් එහෙම කිව්වෙ මහ අමුතු කැත හිනාවක් දාන් . දෙයියනෙ ආයෙ නම් රන්ඩු එපා
මගෙ හිත කිව්වෙ එහෙම .

" මන් තමුසෙට අද "

Hyunjin ගියෙ mark ට ගහන්න . මෙතන රන්ඩුවක් ඇදුනොත් ඒකේ ඉවරක් වෙන්නෑ කියලා මන් හොදටම දන්නවා .

" hyunjin අපි යන් . මුන් එක්ක කතාකරලා වැඩක් නෑ "

Hyunjin mark ට ගහන්න ගිය අතත් ඇදන් මන් hyunjin ව එතනින් ඇදන් ගියෙ , hyunjin ගෙ තරම මන් දන්න නිසා . මන් එයාව ඇදන්. ටිකක් දුර එනකොට ,

" felix ඔච්චර හොද වෙන්න එපා . ඇයි ඔහොම කටවහන් ඉන්නෙ "

එයා මගෙ අතත් ගසලා දාලා කිව්වා. මන් දන්නවා දැන් එයා ඉන්නෙ තරහින් .

" කතා කරා කියලා වැඩක් වෙනවද . එයාලා හදන්නෙ ඔයාව අවුස්සන්න "

" ආශිට් මොකක් හරි . යන් කන්න නැත්තම් interval එකත් ඉවර වෙයි. "

එයාට තරහ ගිහින් . හැබැයි ටික වෙලාවකින් එයාගෙ කේන්තිය නිමෙනවා . Hyunjin හරියට පොඩි ලමයෙක් වගෙ කියලා මට වෙලාවකට හිතෙන්නෙ . එයාට තරහ යන වෙලාවට තමා මන් ගොඩක් ම ආස . මගෙ වැරැද්දකට අපි දෙන්නා තරහ උනත් එයා තමා පස්සෙන් ඇවිත් මාව යාලු කර ගන්න හදන්නෙ . එයාගෙ ඒ පුංචි පුංචි දේවල් වලට තමා මට එයාට ගොඩක්ම හිත යන්නෙ .

Interval එක ඉවර වෙන එලාම් එක වැදුනට පස්සෙ අපි දෙන්නා පන්තිය දිහාවට ගියා.

" ඔයාගෙ තරහ නිවුනද hyunjin "
මන් ඇහුවෙ එයාගෙ මූන දිහා බලන් .

" ඔහොම බලන්න එපා මට හිනා යනවා " ඔව් එයාට හිනා ගියා . ඒ කියන්නෙ එයාගෙ තරහා නිමිලා .

" ඕ මන් හිතුවෙ කොහිල මිටියක් ගෙනත් දෙන්න වෙයි කියලා "

මන් එහෙම කියලා hyunjin ට තට්ටුවක් දාලා දිව්වා .

" යා felix ! මොකක්ද කිව්වෙ ඔහොම නවතිනවා "

දෙන්නත් එක්ක පන්තිය ගාවට යනkකම් තිබ්බෙ මැරතන් එකක් . අපි දෙන්නම හති ඇරලා පන්තියට යන්න හැදුවෙ .

ඒත්

" Hyunjin "

" Hyunjin  "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

>>>>

Our Happy Ending Where stories live. Discover now