Hyunjin pov
" Lee Felix එයාටයි මන් ආදරෙ කරන්නෙ "
අඩන එක නවත්තපු එයා මගෙන් ඈත් වෙලා මන් දිහා බලන් හිටියෙ ඇස් දෙකත් ජිල් බෝල දෙකක් කරන් . බලන් හිටපු විදිහට හිනා යන්න ආවත් මේ වෙලාවෙ හැටියට හිනාවෙන එක හොද නැති නිසා මන් හිනාව මැඩගත්තා.
" කාටද ? "
එයා මගෙන් ආයෙත් ඇහුවෙ එයාට ඇහුන දේ හිතාගන්න බැරුව. තවත් හන්ගන් ඉන්න උවමනාවක් නැති නිසා මන් හිතාගත්තා felix ට හැමදෙයක්ම කියනවා කියලා.
" felix මන් දන්නෑ මේ දේ අහලා
ඔයා මන් ගැන මොනවා හිතයිද කියලා . සමහර විට ඔයා ආයෙ මගෙත් එක්ක කතා කරන එකක්වත් නැති වෙයි. ඒත් මට තවදුරටත් මේක හන්ගන් ඉන්න බෑ "කදුලු පුරවන් , ඇස් දෙක ජිල්බෝල කරගෙන ඉන්න එයාගෙ අත් දෙක මන් අල්ල ගත්තා.
" මන් ඔයාට ආදරෙයි felix "
මන් එයාගෙ ඇස් දෙක බලන් කියද්දි එයාගෙ අත් වෙව්ලන්න ගත්තා.එයා මට බනීද මාත් එක්ක තරහා වෙයිද.ඒත් මට හන්ගන් ඉන්න බෑ.එයාගෙ උත්තරේ මොන වගේ දෙයක් උනත් මට ප්‍රශ්නයක් නෑ.අඩුම මගෙ හැගීම් ගැන එයාට කිව්වා නෙ. ඒ ඇති
" ඔ ඔයා මොකක් ද-"
එයාගෙ කටහඩ වෙව්ලනවා
" මන් මන් ඔයාට ආදරෙයි felix ඒ යාලුවෙක් විදිහට නෙමෙයි.ඒක වෙනස්ම හැගීමක්.මට ඔයාව යාලුවෙක් විදිහට නෙමෙයි දැනෙන්නෙ.මන් මේක කියන්න හිතන් හිටියෙ හුග කාලෙක ඉදන් ඒත් මන් බය වුනා ඔයා මාව අතඅරියි කියලා.පොඩි කාලෙ ඉදන් තිබුන යාලුකමවත් නැති වෙයි කියලා.මට ඔයාව නැති කරගන්න බෑ felix-"
මන් එකදිගට කියන් යද්දි එයා මාව බදාගත්තා.මට කතා කරගන්න ඕනෙ උනත් මගෙ කදුලු ඊට කලින් ඉස්සර වුනා.ඔව් මන් ඇඩුවා.
" මේක මන් දකින තවත් එක හීනයක් විතරක් නෙමෙයි නේද"
එයා මගෙන් ඈත්වෙන ගමන් ඇහුවා.
" මට බයයි හීනවලින් අලුත් බලාපොරොත්තු ඇති කරගන්න ඉතින් මේකත් ඒ වගේ හීනයක් නෙමෙයි නේද"
YOU ARE READING
Our Happy Ending
Short Story" ආදරය කියන්නෙ කලාවක් hyunjin. මගෙ හදවත හැමදාම තියෙන්නෙ ඔයා ලග, මං දිව්රලා කියන්නම් . ඒක වෙනස් වෙන්නෑ සත්තයි "