Hyunjin pov
Felix යනකම් බලන් ඉදලා මන් කෙලින්ම ගියෙ මගෙ room එකට . ඒ කියන්නෙ එයාට කිසිදෙයක් මතක නෑ . එක අතකට ඒකත් හොදයි . බැරිවෙලාවත් එයාට මතක තිබ්බනම් සමහර විට තවදුරටත් අපිට මේ තරම්වත් ලගින් ඉන්න බැරි වෙයි.
ඔව් මන් felix ට කැමති . ඇත්තටම ඒක කැමැත්තක් නැත්තම් ඊට වඩා එහා දෙයක්ද කියන්න මන් දන්නෑ. හැබැයි මන් කැමති නෑ එයා මගෙන් ඈතට යනවට . මට ඕනෙ එයාව මන් ගාවින්ම තියා ගන්න .
Felix ගැන හැගීමක් මට මුලින්ම ඇති උනෙ එයාව දැකපු මුල්කාලෙම . ඉතින් මට ඕනෙ උනෙ එයත් එක්කම ඉන්න . එයා ලගින්ම ඉන්න .ඒවගේම මන් බය උනා එයාව නැති කර ගන්න . මට එයා ගැන කැමැත්තක් තිබුනත් මන් බය උනා ඒක එයාට කියන්න.
පස්සෙ තමා මට yuji ව හම්බුනෙ . මට yuji ගැන කැමැත්තක් ඇති උන්නෑ. ඒත් මට ඕන උනා felix ගැන තියෙන හැගීම් අමතක කරන්න . එයා ගැන තිබ්බ කැමැත්ත අයින් කර ගන්න .ඉතින් මන් yuji ත් එක්ක යාලු උනා. මන් හිතුවා එහෙම කරාම මට felix ව අමතක කරන්න පුළුවන් වෙයි කියලා. මන් දවසින් වැඩි කාලයක් ගත කරෙ yuji ත් එක්ක . මන් felix ට වඩා අවදානයක් දුන්නෙ yuji ට . මන් හැමදෙයක්ම බෙදා ගන්න උත්සහ කරෙ felix ට වඩා yuji ත් එක්ක.
ඒත්
ඒ කිසි දේ කින් වැඩක් උන්නෑ. Yuji ත් එක්ක කතා කරන වෙලාවෙ මට අහන්න ඕන උනෙ felix ගෙ කටහඩ. Yuji ත් එක්ක මන් ඉද්දි මට හැමතිස්සෙම මතක් උනෙ felix ව. Yuji ත් එක්ක බෙදා ගත්ත හැමදෙයක්ම මට ඕන උනෙ felix එක්ක බෙදා ගන්න . Yuji එක්ක ගත කරපු මුලු අවුරුද්දටම මට එයා ගැන කිසිම හැගීමක් ඇති උන්නෑ . ඒක තමා මට පිලිගන්න බැරි උන එකම ඇත්ත . මන් එයාට කැමති වෙන්න කොච්චර උත්සහ කරත් මට ඒ දේ කර ගන්න පුළුවන් උනෙ නෑ.
අවුරුදු දෙකකට yuji ට රට යන්න සිද්ද වෙනවා කිව්වයින් පස්සෙ මට කිසිම උවමනාවක් තිබුන්නෑ එයාව නවත්තන්න . එයා රට ගියයින් පස්සෙ එයාට මාව අමතක වෙයිද , වෙන කෙනෙක් එක්ක යාලුවෙයිද කියලවත් මට කිසි ගානක් තිබුන්නෑ.
Yuji රට ගිහින් ටික දවසකට පස්සෙ මට දැනගන්න ලැබුනා එයා වෙන සම්බන්දයක් පටන් අරන් කියලා . මට ඒදේට තරහක් නෑ. හැබැයි මට මන් ගැනම කලකිරුනා. මොකද එයා එහෙම වෙන්න හේතුව මමම නිසා. මන් දන්නවා මන් yuji ට හොද boyfriend කෙනෙක් උන්නෑ කියලා. මට තිබ්බා එයා ගැන ඊට වඩා හොයලා බලන්න .
Yuji රට ගියයින් පස්සෙ මන් ලගින්ම හිටියෙ felix . එයා හිතන්න ඇති yuji ගෙ අලුත් සම්බන්දෙ නිසා මන් දුක් වෙනවා කියලා . ඇත්තටම මට දුකක් වෙනුවට ඒ ගැන තිබුනෙ සතුටක් ,මට වඩා හොද කෙනෙක් එයාට ලැබුනු එකට .
ඒත් මන් කීයටවත් හිතුවෙ නෑ yuji මන් ගාවට ආපහු එයි කියලා. Yuji මට call කරලා කිව්වම එයා එයාගෙ boyfriend එක්ක breakup උනා කියලා .මට දැනුනෙ ආයෙත් අතර මන් උනා වගෙ හැගීමක් . මොකද මට ආයෙ yuji ව මගෙ ලගට ගන්න උවමනාවක් නැති නිසා.
ඔව් මන් හිත හදාගත්තා යාලුවෙක් වශයෙන් උනත් මන් felix ලග ඉන්නවා කියලා . කවදාහරි මට ඒ දේ එයාට කියන්න අවස්තාව එනකම් එයා ලගටම වෙලා ඉන්නවා කියලා .
ඒත් බැරිවෙලාවත් felix මට අකමැති උනොත් එහෙම මේ යාලුකමත් තවදුරටත් රැදෙන එකක් නැති වෙයි කියලා මගෙ යටිහිත හැම තිස්සෙම කියනවා .
ඇත්තටම එහෙම උනොත් මේ යාලුකමවත් තවදුරටත් තියෙන එකක් නැති වෙයි !
>>>
YOU ARE READING
Our Happy Ending
Short Story" ආදරය කියන්නෙ කලාවක් hyunjin. මගෙ හදවත හැමදාම තියෙන්නෙ ඔයා ලග, මං දිව්රලා කියන්නම් . ඒක වෙනස් වෙන්නෑ සත්තයි "