Ignore

76 14 11
                                    


"මොකක්ද අපි දෙන්නා අතර තියෙන ප්‍රශ්නෙ ,ඇත්තටම අපි දෙන්නා අතර ප්‍රශ්නයක් නෑ . එහෙනම් ඇයි අපි මෙහෙම ඉන්නෙ ,ඇත්තටම ඒකට උත්තරෙ තමා මාත් හොයන්නෙ "

පන්තියට ආවත් හරි  hyunjin  දිහා බලන් මන් හිතුවෙ ඔය ටික. එදා පාටි එකෙන් පස්සෙ  හිටියෙ මන් දන්න hyunjin  නෙමෙයි . වෙනස්ම කෙනෙක්. ඉස්කෝලෙට එනකම් අඩුම තරමෙ වචන දහයක්වත් මගෙත් එක්ක කතා කරෙ නෑ.පන්තියට ඇවිල්ලත් දැන් විනාඩි විස්සකට වඩා වැඩී. ඒත් එයා මගෙත් එක්ක කතා කරනවා තියා මගෙ මූන දිහාවත් හරියට බැලුවෙ නෑ . හරියට නිකන් මන් අදුර්ශමාන වෙලා වගෙ . මන් කියලා කෙනෙක් මෙතන නැති විදිහටයි එයා හැසිරුනෙ. මන් ආස නෑ මේ ඉන්න hyunjin ට .ඇත්තටම කො මගෙ hyunjin  . කොහෙද අතුරුදහන්  උනෙ.

කම්මුලට අතත් තියාගෙම මන් එයා දිහා විනාඩි දහයක් විතර බලන් හිටියා. ඒත් ඇයි කියලා වත් ඇහුවෙ නෑ. බැරිම තැන මන් ඩෙස් එකෙන් ඔලුව තියා ගත්තා . " මාර ලොකුකමක්නෙ මෙයාගෙ , yuji ආයෙත් යාලු උන නිසා වෙන්න ඇති. කලිනුත් එහෙමනෙ . බලමුකො කවදා වෙනකම් ඔහොම ඉදීද කියලා ". 

" hyunjin "

ඔලුව තියන් හිටිය මන් එහෙම්මම ඔලුව උස්සලා බැලුවෙ hyunjin ට කවුරුහරි කතා කරපු නිසා.

" club  එකේ පොඩි වැඩක් තියෙනවා එනවද "
" අහ් යන් "

ආන් ගියා . යන්නන් වත් කියලද ගියේ . ඇත්තටම මොකක්ද මෙයාට වෙලා තියෙන්නෙ . තිබ්බ තරහට  පුටුවත් තල්ලු කරන් මන් නැගිට්ටෙ hyunjin  එක්ක ගිහින් කතා කරන්න .

" felix  " ඒ sungmine .
Hyunjin ව හම්බෙන ගමන නතර කරලා මන් sungmine  එක්ක ground  එකට ගියා.

" ඉතින් ඔයා කිව්වද hyunjin ට"
" මොනවද " මන් ඇහුවා .
" ඇයි මතක නැද්ද එදා අපි දෙන්නා කතා කරපු දේවල්. මන් ඔයාට කිව්වෙ එයාට ගිහින් ඇත්ත කියන්න කියලා "

අහ් දැන්නෙ මට මතක් උනෙ sungmine අපි ගැන දන්නවා කියලා.  කොහොමද මට ඒක අමතක උනෙ .

"මන් හිතන්නෙ තවදුරටත් ඒක රහසක් විදිහට තියෙන එක හොදයි කියලා "

" ඇයි ඒ "

" hyunjin  ට yuji  ව ගැලපෙනවා . මට වඩා " මන් එහෙම කිව්වෙ බිම බලන් .

" ඔයා කොහොමද එහෙම කියන්නෙ felix  . මන් නම් කියන්නෙ ඔයා එක පාරක් එයත් එක්ක කතා කරන්න . සමහර විට එයා ඔයාව තේරුම් ගනී. "

Sungmine  මගෙ උරහිසට  තට්ටුවක් දාලා කියද්දි මන් අහක බලා ගත්තා.

" බෑ ඒක කරන්න බෑ ."

" එහෙම කියන්නෙපා felix  ඔයාට පුලුවන් "

" මට බයයි " මන් කිව්වෙ sungmine  ගෙ මූන දිහා බලන් .

" මට බයයි sungmine  මට අන්තිමට මගෙ යාලුවත් නැති වෙයි කියලා . මට ඒ දේ කියන්න බෑ. කොහොමත් එයාට දැන්  yuji ඉන්නවා .එයා hyunjin ව බලා ගනී. මට විශ්වාසයි එයා සතුටින් ඉදී. මට ඕනෙ එයාගෙ සතුට විතරයි ."

මන් දිහා බලන් හිටපු sungmine  ලොකු උස්මක් අතහැරලා ඉස්සර බලා ගත්තා .

"ඔයාට හොද දෙයක් felix . ඒක ඔයාගෙ කැමැත්තනෙ . ඔයාට ඔයාව දරා ගන්න පුලුවන් නම් එච්චරයි ." මන් හිනා වෙලා ඔලුව වැනුවා .

ටික වෙලාවක් ground  එක වටේ ඇවිදලා අපි දෙන්නා ගියෙ පන්තියට.

පන්තියට අඩිය තියන්න හදනවත් එක්කම මගෙ ඉස්සරහට ආවෙ yuji . එයාගෙ මුලු මූනම රතු වෙලා තිබ්බෙ . ඒවගේම එයාට හොදටම තරහ ගිහිල්ලා තිබ්බෙ . මට මගෙ ඉස්සරහ පෙනුනෙ  yuji නෙමෙයි දුම් දාන කෝච්චියක් . ඒ පෙනුමට නම් ඇත්තටම බය හිතුනා .

"yu- "  මන් එයාට කතා කරන්න හැදුවත් ,

චටාස් !!!

 Sorry Fro Late Guys 🥺❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Sorry Fro Late Guys 🥺❤️

Our Happy Ending Where stories live. Discover now