♡ මගේ සරස්වී ♡
_____________________________________එතකොට ඔයා හෙටත් ගමු කියයි .මං ඒක දන්නවා රිශ් ...
සෙනූ මේ වෙලාවෙදි ඇත්තටම අසරණයි කෙල්ලට කරගන්නම දෙයක් නැතුවයි ඉන්නේ .
සෙනූගේ ජීවිතේ අවුල් ජාලාවක් වෙලා රිශ් මේ කිසිම දෙයක් දන්නේ නෑ.සෙනූට මේ හැමදෙයක්ම රිශ්ට කියන්න ඕන උනත් කියන්න පුලුවන් කමක් නෑ .
රිශ්ව නැතිකරගන්න කෙල්ලට ලෝභයි .
ඒවා හිත හිතම නිදාගත්තු සෙනූ එකපාරට ගැස්සිලා වගේ ඇහැරෙද්දි රෑත් වෙලා .ඒත් එක්කම රිශ්ගෙන් කෝල් එකක් .
ඒකත් වීඩියෝ කෝල් එකක් .
කරගන්න දෙයක් නැතිකමට සෙනූ කෝල් එක කට් කරලා දැම්මා .රිශ් ආයිත් ගන්නවා ඒ පාරත් කට් කරලා මැසේජ් එකක් දාලා කෙල්ල වොශ් එකක් දාගෙන එන්න ගියේ තමන්ගෙම ජීවිතේ ගැන දැනිච්ච පුදුමාකාර කලකිරීමකින් .
ඇගට සීතලට වතුර බිංදු වැටෙද්දිත් සෙනූගේ මුලු ඇගම පිච්චුණා .. ඒ හිත ඇවිලෙන තරම රිශ් දන්නවා නම් කවදාවත් සෙනූව අඩවන එකක් නෑ .
ඒ අහිංසකී විදෝපු තරම් දන්නේ ඒ අහිංසකීම විතරයි ..
පවුලක දුවෙක් කියන්නේ ඒ පවුලේ හැමදේම .ඇහේ කටේ තියන් ඒ පුංචි එකීව දෙමව්පියෝ පරිස්සම් කරන්නේ තමන් ගැනවත් හිතන්නේ නැතුව .
කිසිම දෙයක් නොතේරෙන කාලෙක දෙමව්පියෝ දරුවන්ව බලාගන්නේ තමන්ගේ ඇස්දෙක වගේ . එහෙම බලාගන්න දරුවම ලොකුවෙලා දීග දෙන වයසට ආවම ඒ වගකීමත් හරියටම කරන එක ඒ දෙමව්පියන්ගේ වගකීමක් උනත් සෙනූගේ අම්මා නම් එහෙම හිතුවේ නෑ .
ඒ හින්දම කෙල්ලගේ ජීවිතේ අද තිබ්බේ ගොඩගන්න බැරිතරමේ අගාධයක .මූණේ හිනාවක් නැතුව තමන් ගැනවත් ආදරයක් නැතුව ඉන්නවට ඉන්න ජීවිතයක් ගෙවපු කෙල්ල දැන් තමයි ටිකක් හරි හිනාවෙන්නේ .. ඒකත් රිශ් හින්දා .
ඒත් ආයිත් රකීල් හින්දා මේ හැමදේම වෙනස්වෙන්න අරන් .එහෙන් ගෙදර මිනිස්සු ප්‍රපෝසල් හොය හොය කෙල්ලට වදදෙනවා . අනිත් පැත්තෙන් රකීල්ගෙන් රෑට රෑට එන කෝල්ස් . මේ දේවල් හින්දා සෙනූ පොඩි දේටත් කලබල වෙනවා දැන් .
YOU ARE READING
♡ මගේ සරස්වී ♡ ( GL - COMPLETED ✔️ )
Non-FictionGL Real Love Story 🏳️🌈 ( Rish ♡ Sarasvi ) Non ff රහසේ පෙම් කරානම් ... අපි රහසේ විදවමු.... මගේ සංසාරගත ප්‍රේමිය ... 🌼🦋 ♡ මගේ_සරස්වී ♡