EPISODE - 18

262 22 4
                                    

♡ මගේ සරස්වී ♡
__________________




" .... රිශ් ..."

"... ම්ම් ..."

"... දැන් අපි මොකද කරන්නේ ..."

"... බලන් ඉමු ..." මං ගානක් නැතුව කිව්වා .

ඒත් එයා නම් බයවෙලා .

ඒ පුංචි ඇස් ලොකු කරන් හා පැටියෙක් වගේ බයේ ගැහෙනවා . ආන්ටි අපි උඩ ඉන්නවා කියලා තාම දැක්කේ නෑ . බය වැඩිකමට ඒ ගැන තේරුමක් සෙනූට නෑ . එයාට හිතන්නවත් වෙලාවක් නොතියම මං සෙනූව උස්සලා මගේ අත්දෙකට ගත්තා ..

"... රි..ශ් ... මොකද කරන්නේ ... බිමින් තියන්න අනේ මාව ..."

එහෙට මෙහෙට ඇඹරි ඇඹරි සෙනූ කියෝනවා .

මං ඒ වචනයක්වත් නෑහුන ගාණට කෙල්ලව ඔංචිල්ලාව ලගට අරන් ආවා .

ඔංචිල්ලාව ලගට ඇවිත් පරිස්සමින් ඔංචිල්ලාව උඩින් කෙල්ලව තියද්දී ලැජ්ජාවට මූණත් රතුවෙලා . සෙනූගේ මූණ දැක්කම මට හිනාගියා . පව් අසරනී හොදටම බයවෙලා හිටියේ .

"... මෝඩ වැඩමයි ඔයා කරන්නේ රිශ් ..." පාරක් ගහලා මෙන්න මැඩම් මට රවනවා ඒ පාර .

" ... අම්මා දැක්කා නම් එහෙම ..."

"... වැරදි වෙලාවේ යකාව කුලප්පු කරගන්න එපා මැනිකේ උබ රවද්දිත් මට ඉන්න බැරිවෙනවා ..."
කටින් නොකියා මං හිතින් හිතුවා .

ඔංචිල්ලාවේ හරිබරි ගැහිලා ඉදගන්න ගමනුත් සෙනු මොනවදෝ මුමුණ මුමුණ මට බනිනවා .

"... මගේ හිතේ කැකෑරෙන හැගීම් , ඇවිස්සුනු සිතුවිලි ඔහොම නම් දමනය වෙන්නේ නෑ  මගේ මැනිකේ ...

සෙනූට ඇහෙන නෑහෙන ගානට කියලා මං සෙනූගේ ඉස්සරහින් හිටගත්තේ මගේ සීමාවෙත් වෝර්නින් එක වදිද්දීයි . ඒ ඇස් ටිකක් ඉස්සුණත් මාව තේරුම් අරන් වගේ මං දිහා නොබලම බිම බලාගත්තේ සුපුරුදු හිනාව මගේ මූණෙන් ඉබේටම  මතුවෙද්දී .

ඒ මට සෙනූගෙන් ලැබිච්ච කොල එලිය .

සිග්නල් එක ලැබිලා තත්පරයක් යන්නත් කලින් මං සෙනූගේ මූහුණට පහත්වුනේ ඔංචිල්ලාවට හේත්තුවුනු එයාව මගේ දෑතට මැදිකරගනිමින් . මං ඒ දෙතොල් වලට ලංවෙද්දිම සෙනූගේ ඇස් සීරුවට පියවිලා ගියා .

♡ මගේ සරස්වී ♡ ( GL - COMPLETED ✔️  )Where stories live. Discover now