♡ මගේ සරස්වී ♡
__________________" .. අද ඉදන් මං ආයෙමත් තනිවෙලා ..."
ඒ හැගීම කෙල්ලගේ මුලු හිතම පුච්චලා අවුළුවද්දී කෙල්ල නතරවෙලා බලන් හිටියා . වෙන්න පුලුවන් හැමදෙයක්ම වෙච්ච මේ පරඩැල් ජීවිතේට තවත් මොනාද වෙන්න තියෙන්නේ කියලා කෙල්ල කල්පනා කරන්න ගත්තා . දැන් හිසට වඩා රිදෙන්නේ පපුව . වේදනාව දැනෙන්නේ හදවතට .
ඒත් ඒ වේදනාව අතරින් උනත් සෙනූ හිත තදකරගත්තා .
".... මං එයාට ඇත්තටම ආදරෙයි ඒ නිසයි මං මේ තීරණය අද ගත්තේ ඒ හින්දා ඇත්තටම රිශ්ට සතුටින් ඉන්න පුලුවන් වෙයි ...."
ඒ සිතුවිල්ල පවා කෙල්ලගේ රෝගී ගත තව තවත් අප්‍රාණික කරවද්දී ඇය ඒ සිතුවිල්ලෙන්ම කොට්ටෙට ඔලුව තියන් තදින් ඇස් පියාගත්තා .
" .... මැණික ඔයා දන්නවද කවදාහරි මං ඔයාව මගේ ලගට ගත්තහම මං කොහොමද ඉන්න ආසම කියලා ..."
" .... නෑනේ කියන්නකෝ බලන්න මහත්තයා ..."
" .... මං ආසම මගේ සුදු කෙල්ලට කොට ශෝටකුයි , ස්කිනි එකකුයි අන්දවලා එයා ලගට වෙලා හුරතල් වෙවී ඉන්න ..."
" ... මෙයාට හුරතල් වෙන්න මං මොකටද කොටට අදින්න ඕනේ ම්ම් දෙන්න බලන්න උත්තර ...?..."
"... මං හුරතල් වෙද්දී මටත් හුරතල් කරන්න ආස හිතෙන විදිහට නෝනා ඉන්නෙපැයි...."
රිශ් ෆෝන් එකෙන් කියද්දී කෙල්ලව රතුවෙලා ගිය හැටි සෙනූට හීනෙනුත් දැනෙන්න ගත්තා .
කෙල්ලගේ හිත පුරාම හිටියේ රිශ් ..
ඒත් කෙල්ල මේ තීරනේ ගත්තේ රිශ්ගේ ජීවිතේ ගැන හිතලා . කෙල්ල ඇත්තටම මේ වෙලාවේ ගොඩක් අසරණ වෙලා හිටියේ . හදවතින් ආදරේ කර කර ඈත්වෙන්න වෙනවා කියන එකේ වේදනාව , අහිමිවීමේ දුක කෙල්ල මීට කලින් දැනන් හිටියේ නෑ . මේ අවුරුදු තිස් ගාණටම ඒ හැගීම කුලුදුලේම සෙනු විදින්නේ මේ තීරනේ ගත්තු මොහොතේ ඉදන් .
රිශ්ගේ ආදරේ , ඒ රැකවරණය නැතුව හුස්ම ගන්නවත් සෙනූ දන්නේ නෑ . ඒ හැමදෙයක්ම කෙල්ලට දැන් අලුතින්ම ඉගෙනගන්න වෙනවා .

YOU ARE READING
♡ මගේ සරස්වී ♡ ( GL - COMPLETED ✔️ )
Non-FictionGL Real Love Story 🏳️🌈 ( Rish ♡ Sarasvi ) Non ff රහසේ පෙම් කරානම් ... අපි රහසේ විදවමු.... මගේ සංසාරගත ප්‍රේමිය ... 🌼🦋 ♡ මගේ_සරස්වී ♡