EPISODE - 16

217 20 9
                                    

♡ මගේ සරස්වී ♡
________________

මගේ ඇස් නැවැතුනේ ගිලන් ඇද මත සුවදායී නින්දක ඉන්න ඇගේ උවන මත .

වීඩීයෝ කෝල්ස් වලින් දැක්ක ඒ රූපේ හැබැහින් දකිද්දී මගේ හිත අමුතු ප්‍රමෝධයකින් පිරිලා ගියේ සෙනූ මං දැක්කටත් වඩා ලස්සන හින්දා වෙන්න ඇති . අවුරුදු තිස් ගාණක සමාජේ එක්ක ප්‍රශ්නත් එක්ක ගැටිච්ව ගැහැණියක් කියන්න ඇගේ මුහුණේ එකදු හෝ සලකුණක් නැතිතරම් .

!! ඇත්තටම මගේ කෙල්ල සුරංගනාවියක් වගේ ...!!

" ... like a Angel ..."

මට ඉබේටම කියවුනා .

චූටි මගේ දිහා බලලා හිනාවෙද්දී ලොකු අම්මා නම් හිටියේ සෙනූගේ ඇදුම් වගයක් අස් කරනගමන් .

මං ඇතුලට ඇවිත් සෙනුට ගෙනාපු කලමනා ටික බෙඩ් කබඩ් එක උඩින් තියලා ෆලවර් බන්ච් එකත්  ඇදේ අයිනට වෙන්න තියලා රූම් එකේ සයිඩ් එකෙන් තියෙන සෝෆා එකෙන් වාඩිවුනේ මගේ කෙල්ලගේ මූණ දිහා බලාගෙනමයි .

කාගෙන්වත් කරදරයක් නැතුව සෙනූ ඇහැරෙනකම්ම මට එයා දිහා බලන් ඉන්න තිබුනා නම් කියලා හිතට ආපු ලෝභකමකුත් එක්ක මං ඒ මූණ දිහා බලන් හිටියා . එයා නම් හොදටම නිදි .

" ... බලාගෙන ඔහොම ගිහින් දියවෙයි ..."

කණ ලගින්ම ඇහුනු කටහඩට මං එකපාරට  ගැස්සුනා ..

චූටි මගේ ලගට වෙලා හිනාවෙනවා . මට දැනිච්ච ලැජ්ජාව තියාගන්න තැනක් නැතිවුනා ඒ වෙලාවේ නම් .

යටිතොලත් හපාගෙනම මං චූටිට යන්තමට හිනාවෙලා බිම බලාගත්තේ කෙල්ලගේ ඉස්සරහම රෙදි ලෙෆ්ට් නේද කියලා හිතමින් . 

" .... හරි හරි අයියෝ මං විහිලු කරන්නේ නෑ .. ඇති තරම් බලාගන්න මං අම්මි එක්ක ඩොක්ටර්ව හම්බවෙන්න යනවා ..."

චූටි එහෙම කියලා නැගිටිද්දියි මං දැක්කේ රූම් එක ඇතුලේ ලොකු අම්මා නෑ නේද කියලා . මගේ අසිහිය ගැන මට දැනුනේ පුදුමාකාර සතුටක් .

චූටියි ලොකු අම්මයි රූම් එකෙන් එලියට ගියාට පස්සේ මං සෙනූගේ ඇද ලගට ආවා .

තාමත් පොඩි එකෙක් වගේ එයා නම් සැප නින්දක . මලක් පිපිලා වගේ හරිම සැහැල්ලුවට මද හිනාවක් එක්ක ඇය නිදාගෙන ඉන්නවා දැක්කම මගේ හිතත් මොහොතකට සෙනූගේ දගකාර රිශ් වෙන්න ගියේ තත්පර ගානක් . මාස ගාණක් ගතවුනු අපේ ආදර කතාව ඇතුලේ  මං ෆෝන් එකෙන් මගේ මැණිකට කොච්චර නම් ආදර හාදු දීලා ඇතිද ,

♡ මගේ සරස්වී ♡ ( GL - COMPLETED ✔️  )Where stories live. Discover now