♥ LAST EPISODE ♥

440 26 16
                                    

" Ɇ₦Đ Ø₣ ₥₳₲Ɇ ₴₳Ɽ₳₴Vł "

♡ මගේ සරස්වී ♡
_________________

LAST EPISODE ♥🕊️_____ ♡🦋
( අවසන් දිගහැරුම )

*********************************

කර්කශ සෘතුවක් නිමාවී ගොස් උදාවී තිබුනේ ඔවුන්ගේ වසන්ත සමයයි ....!

( රිශ්ගේ ඇසින් - Rish Pov : )

( සති දෙකකට පසුව )

( සති දෙකකට පසුව )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


".... ඔන්න සරස්වී ඔයාගේ කේස් එක අදින් ඉවරයි . මං හිතනවා ඔයා ඉන්නේ හොද මයින්ඩ් එකක කියලා ..."

සරස්විගෙයි රකීල්ගෙයි දික්කසාද නඩුව කතා කරපු නීතීඥා අක්ශරා දිසානායක කාර්‍යාලයේ ඇගේ අසුනට බරවෙමින් අපි එක්ක සුහද කතාවකට මුල පිරුවේ ඒ මුහුනේ ඇදුනු මද සිනහවත් එක්ක .

ඇගේ කාර්‍යාල මේසයේ අනෙක් පස අසුන් දෙකේ සැහැල්ලු මනසින් වාඩිවී හුන් සෙනූ මෙන්ම මමත්
ඇගේ වදන් වලට මදහසක් පා ඒ අදහස අනුමත කරද්දී සෙනූගේ මූණේ ඇදිලා තියෙන නිස්කලංක වූ මදහස මගේ හිතට ගෙනාවේ කියාගන්න බැරි සතුටක් වගේම සැනසීමක් .

"... ආයිත් සැරයක් ඔයා කෝට් එකට එන්න අවශ්‍ය නෑ . අදම ඔක්කොම ටික ක්ලියර් කරගෙන යන්න සරස්වී ..."

".... තැන්ක් යූ සෝ මච් මිස් අක්ශරා ..."

".... මිස්ටර් රකීල්ට මේ ඩොකියුමන්ට් එක දෙන්න . මං හිතනවා සරස්වී මෙතනින් පස්සේ ජීවිතේ ගැන හොද බලාපොරොත්තුවක් එක්ක අලුත් ජීවිතයක් ගැන හිතයි කියලා ..."

මිස් අක්ශරාගේ ඒ වදන් වලට සෙනූගෙන් හිමිවුනේ පැහැදිලි අව්‍යාජ හිනාවක් . මං මිස් අක්ශරාට අතට අත දීලා ස්තූති වන්ත උනා මේ හැමදේකටම කැප කරපු ඇගේ කාලය වගේම මහන්සිය වෙනුවෙන් .

♡ මගේ සරස්වී ♡ ( GL - COMPLETED ✔️  )Where stories live. Discover now