♡ මගේ සරස්වී ♡
__________________සෙනූගේ ෆොටෝ එකට කමෙන්ට් එක දාලා තිබ්බේ කොල්ලෙක් ..
ඒ කමෙන්ට් එක පට්ට ලව් එකේ දාපු කමෙන්ට් එකක් .
සෙනූ පාර්ටි එක අස්සේ හිටිය තරහත් හිතේ තියන් මේකත් දකිද්දී මගේ කේන්තිය ඩබල් උනා ..
හිනාව කෙසේ වෙතත් එකසිය ගාණට යකා නම් නැග්ගා මට . මොකද සෙනූ කවදාවත් මේ වගේ දෙයක් ගැන මට කියලා තිබුනේ නෑ .
ඒ කමෙන්ට් එක SS එකක් ගහගෙන ආපු තරහට ෆෝන් එකත් ඕෆ් කරලා පැත්තකට විසික්කරේ ෆ්‍රිජ් එක ඇරලා බියර් එකක් එලියට ගන්නගමන් .
"... බැල්කනියට ගිහින් බොනවා ..."
"... ඇත්තටම ඇයි සෙනූ මේ වගේ දේවල් මගෙන් හංගන්නේ ..."
එයා මට කලින් එෆෙයාර් එකක් ගැන කියලත් නෑ ඒත් අර බෝයි මාර ලව් එකේ තමයි අනිත් ෆොටෝ වලටත් කමෙන්ට් කරලා තියෙන්නේ සෙනු උගේ කියලා හිතන් .
ඇත්තටම කව්ද ඌ ...?...
කියාගන්න නොතේරෙන අමුතු බයක් මගේ හිතට දැනෙන්න ගත්තේ සෙනූ ගැන අවිශ්වාසෙකින්ම නෙවෙයි . ඒත් පුංචි සැකයක් හිතේ නොතිබ්බමත් නෙවෙයි .
" ... මේ අහිංසකීව , ඒ ආදරේ මට නැතිවෙයි කියලා බය හිතුනා ..."
"... තරහයි මට මේකි එක්ක වෙලාවකට .."
සමහර වෙලාවට සෙනූ කියන දේවල් මතක්වෙලා ඒ බය , තරහ තවත් වැඩිවෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ .
" ... අනිවා හෙට අහනවා ..
මේ පුංචි දවස් ගාණට මට සෙනූව පුදුම විදිහට හිතට ඇල්ලුවා . ආදරේ හිතුනා ..
ඒ හින්දම වෙන්න ඇති මේ තරම්ම රිදෙන්නේ මට ..
කිරිපාටට දිලිසෙන ඒ හුරුබුහුටි රූපේ , හිනාවෙද්දී පුංචිවෙන ඒ නිල් පාට ඇස් , කනට නෑහෙන්න කතා කරන ඒ කටහඩ මාව වෙනම ලෝකෙකට අරන් යනවා වීඩියෝ කෝල් එකකින්හරි මං ලගට එයා එන වෙලාවට .
මං ඇත්තටම සෙනූට වශීවෙලා වගේ හිටියේ .
දීර්ඝ හුස්මක් පිටකරපු මං " ... වෙන දෙයක් වෙච්වදෙන් ..." කියලා හිත සැහැල්ලු කරගත්තේ ඒ ගැන හිතලා හිතලම හෙම්බත්වෙලා .
YOU ARE READING
♡ මගේ සරස්වී ♡ ( GL - COMPLETED ✔️ )
Phi Hư CấuGL Real Love Story 🏳️🌈 ( Rish ♡ Sarasvi ) Non ff රහසේ පෙම් කරානම් ... අපි රහසේ විදවමු.... මගේ සංසාරගත ප්‍රේමිය ... 🌼🦋 ♡ මගේ_සරස්වී ♡