♡ මගේ සරස්වී ♡
__________________"...ර...කීල් ..."
රෝලර් ගේට් එකෙන් ඇතුලට දාපු සුදු පාට රේන්ජ් රෝවර් එකේ හුරුපුරුදු අංක තහඩුව වගේම ඉදිරි අසුනේ ඉන්න රුව දකිද්දිම සෙනූට නිරායාසයෙන්ම ඒ නම කියවුණා .
හිතාගන්න බැරි මොහොතක ගේට් එකෙන් ඇතුලට ආපු වාහනේ දකිනවත් එක්කම සෙනූගේ ඇස් ගැස්සෙනවා රිශ් හොදින්ම දැක්කා .
දැනෙන්නට ගත් අනිසි බියත් එක්කම රිශ් කෙල්ලගේ ලගට යන්න හැදුවත් ඒ මොහොතෙම කෙල්ලගේ ලගට ආවේ උස මහත පිරිමි රුවක් .
කැළබුනු මනසින් උනත් ඒ රූපය යාන්තමට වගේ රිශ්ගේ ඇහැට ටික ටික හුරුවෙන්න ගත්තා .
"...රකීල් ..."
සෙනූලගේ ගේ ඇතුලේ තිබුනු ෆොටෝ එකකින් රිශ් ඒ රුව අදුරගත්තා . ඔහු ඇවිත් නැවතුනේ මිසිස් රාමනායක අසලින් .
"... Wish your happiness birthday අම්මී ..."
"... Thanks පුතා . ඔයා අදම එයි කියලා මං හිතුවේ නෑ . මේ සප්‍රයිස් එක සුදූටද .... මටද ... "
සරදම් සිනහවකින් විශාකා කියවද්දී ඇගේ විහිලුවට හිනාවුනේ ඇයම පමණි . වෙලාවකට විශාකා රාමනායක කියන්නේ මානසික ආබාධයක් තියෙන කාන්තාවක් වගේ . යමක් ඇය විසින් පවසා ඇයම හඩනගා හිනාවෙයි . දැන් ඇගේ බෑණනුවන් පැමිණි ප්‍රීතියෙන් ඇය පිනාගොස් ඇති බවක් පෙනේ . රකීල්ගේ කරත් අතත් රත්තරන් පැහැයෙන් බැබලෙද්දී විශාකාගේ ඇස් දිලිසුනේ ඇයටම උරුම ඇගේ තෘශ්නාවෙන් ..
අවධානයෙන් ඒ දෙස බලන් හිටපු රිශ්ට විශාකගේ සිතුවිලි අදුරගන්න වැඩිවෙලාවක් ගියේ නෑ .
".... ඒත් මට සතුටුයි අවුරුදු ගාණකට පස්සේ ඔයාලා එකට ඉන්නවා දැක්කම ..."
විශාකා කියද්දී රකීල් නම් විරිත්තන් හිනාවුනත් සෙනූ නම් හිටියේ අම්මා එක්ක වගේම රකීල් එක්කත් කේන්තියෙන් .
විශාකා රකීල්ට ඉන්වයිට් කරලා ඇති කියලා කෙල්ල හීනෙකින්වත් හිතුවේ නෑ . රිශ් දිහා බලමින් කෙල්ල පසුතැවුනේ රිශ් මොනවා හිතනවා ඇතිද කියලා .

YOU ARE READING
♡ මගේ සරස්වී ♡ ( GL - COMPLETED ✔️ )
Phi Hư CấuGL Real Love Story 🏳️🌈 ( Rish ♡ Sarasvi ) Non ff රහසේ පෙම් කරානම් ... අපි රහසේ විදවමු.... මගේ සංසාරගත ප්‍රේමිය ... 🌼🦋 ♡ මගේ_සරස්වී ♡