EPISODE - 17

243 27 8
                                    

මගේ සරස්වී ♡
__________________




".... පුතා ..."

මං හැරෙද්දී මගේ පිටිපස්සේ හිටගෙන හිටියේ මිසිස් රාමනායක සෙනූගේ අම්මා .

" ... ආහ් ආන්ටිනේ  කියන්න ආන්ටි  ..."

" ... පුතා දැන් කොහෙද යන්නේ .."

"... මං හොටෙල් එකට යන්නේ ආන්ටි ..."

" ... ඒ කිව්වේ පුතා ..."

" ... මේ ටිකේ මං ඉන්නේ කලම්බු ආන්ටි කරගන්න පොඩි වැඩ වගයක් තියෙනවා යන්න කලින් ..."

" ... යන්න කලින් කිව්වේ පුතා ..."

" ... මං කැනඩා යනවා ආන්ටි ..."

".... ආහ් එහෙමද ඒවාගේ වැඩ වෙන්නැති .."

" ... නෑ නෑ ආන්ටි මේ වෙන වැඩ වගයක් . මං කැනඩා තමයි ආන්ටි කලිනුත් හිටියේ . අද පාන්දර ආවේ ගෙදර වැඩකට . ඒ ගමන්ම ආවා සරස්වී අසනීපෙන් කිව්ව හින්දා බලන්න ..."

" ... ආහ් පුතා කැනඩා ද ඉන්නේ ..."

" ... ඔව් ආන්ටි ..."

කෙටි කතා බහකින් සෙනූගේ අම්මා මට යන්නම් කියලා එතනින් පිටත්වුනේ මොකක් නමුත් හිත ඇතුලේ ඇතිවුනු අමුතු සතුටක් එක්ක කියන එකනම් මට ඒ මූණේ ඉරියව් වලින්ම තේරුනා .

මාත් සෙනූට සමුදීලා කැබ් එකක් දාගෙන ආයිත් හොටෙල් එකට එන්න පිටත්වුනේ කරගන්න තියෙන වැඩ ටික ඉක්මනට කරගන්න හිතාගෙන .

******************************************

නුගේගොඩ පිහිටි රාමනායක මහ ගෙදරට අනුලා වගේම චූටිත් එන්නේ සෙනූ මගින් මගටම කරපු පෙරැත්තට . නවීන මාදිලියට අලුත්වැඩියා කල රාමනායක නිවසේ සුවිසල් දොරටුවෙන් නිවස තුලට ඇතුල්වන සෙනූ චූටිට වාරුවෙලාම ගේ පුරා ඇස් යවන්නේ පුදුමයෙන් .

අම්මා ලංකාවට ආපු සතියට මුලු ගෙදරම කනපිට ගහලා තියෙන හැටි දැක්කම කෙල්ලට අම්මා ගැන එක්වරම ඇතිවුනේ පුදුම තරහක් .  

තාමත් ඇගට දැනෙන තෙහෙට්ටු ගතියේ අඩුවක් නැති සෙනූ දැනෙන අප්‍රසන්න හැගීමත් එක්ක සාලේ මොහොතක්වත් නොරැදි  චූටිත් එක්ක උඩු මහලට පා තැබුවේ පෙරදිනයක නිවසේ තිබුනු නිස්කලංක සැහැල්ලු බව මව විසින් විනාශකර විකාරරූපී දෑ නිවසට එක්කරමින් නිර්මාණය කර ඇති විකෘති නවීකරණය ගැන උපන් දැඩි කම්පාවෙන් .

♡ මගේ සරස්වී ♡ ( GL - COMPLETED ✔️  )Where stories live. Discover now