නෝවා ඔෆිස් එකේ දොරට තට්ටූ කරා
" come in "
ඉතින් අපී ඉස්සරහින් ම ගිය නොවා දොරත් අරන් මුලින්ම office කට ඇතුලූ උනා. ඒ වෙනකොටත් මොනවද හොය හොය හිටපු සර් ඔලුව උස්සල අපී දිහා බලන්න ගත්තා. අවුරුදූ 27 ක් විතර උන සර් තබ පට කොන්ඩෙකුත් තබ පාට ඇස් දෙකකුත් තිබ්බ ඉස්කෝලේ ට අලුතින් ආව සර් කෙනෙක්.
"ඔව් ළමයි කියන්න "
" සර් අපි ටිකත් කැම්ප් එකට එනවා
. ඒකට නම් දෙන්න අපී ආවේ "නෝවා කතාව පටන් ගත්තා
" ඔයාලා ආව එක හොදයී . තව ටිකකින් නම් ගන්න එක නතර කරන්න මම හිටියේ. එහෙනම් කට්ටියගේ නම් ටික කියාන යන්නකො. මට ලියා ගන්න. ඔහ්.. ඒ වගේම දෙමාපියන් ගේ අවසර ය තියෙන ලියුමාරන් එන්න ඇතී කියල මම හිතනවා. "
" ඔව් සර් අපී ගෙනාවා "
ඒතන් කිවා
"හරී ලියුම් දෙන ගමන් කට්ටියගේ නම් කියන්න "
" නෝවා බාර්නර්ස් "
" ට්‍රෙවින් බාර්නර්ස් "
" අලීසා ජොන්ස් "
" ජොනතන් ඩෙව් "
"ඒතන් හාවඩ් "
" ලීයම් නොයිල් "
ඔය විදිහට හැමොම තමන්ගේ නම දෙන ගමන් දෙමාපියන් ගෙ අවසර ලිපියත් සර් ට බාර දුන්නා. අන්තිමටම මම තමා ලියුම දෙන්න හිටියේ. මම ඉතින් මගේ ලියුම සර් ට දීලා
"ජැක්ස් ස්වොඩ් "
කියල කියනවාත් එක්කම සර් මගේ දිහා හොදට බැලුවා.
"ඔය ලමයාද එතකොට ජැක්ස් කියන්නේ "
සර් සර්ගේ දකුනූ ඇහෙ ඇහී බැම උඩට උස්සලා මගේ දිහ බලන ගමන් ඇහැව්වා .
" ඔව් සර් "
" ම්ම්ම්. හදුන ගැනිමට ලැබිම සතුටක් "
සර් මට හිනාවක් දාලා කීවා.
" මටත් සර් "
ඉතින් අපී ටික ඔෆිස් එකෙන් ඒ විදිහට එලියට ආවා.
" මෙ සර් දාපු බැල්ම මට ඇල්ලූවෙ නැ හැබැයී "
" අනික ඔයාගේ නම සර් කලිම් අහල තිබ්බ වගෙ "
YOU ARE READING
Soulmate
FanfictionInvisible world book 03 එක මේ.. මේ කතවෙන් invisible world සම්පූර්ණ කතාවම ඉවරයී ❤🔮