Chapter 05

7 2 0
                                    

මගේ පිටිපස්සේ තිබ්බ හෙවනැල්ල එක පාරටම තව තවත් ලොකූ වෙන්න ගත්තා.. අපී හිටපූ තැන පරිසරයම එක පාරටම අදුරු වෙන්න ගත්තා. හරියට ලොකූ වලාකුලකින් හස වැහිලා ගියා වගේ.

ඔව් මට පේනවා රාක්ශයෝ ටික පුදුම වෙලා මගේ පිටිපස්සෙන් මැවෙන ඒ රූපේ දිහා බලාන ඉන්නව. මට මගේ පිටීපස්සේ තියන රූපය කාගෙද මොකටද ආවෙ කියලා හිතා ගන්න බෑ. ඒ වගේම ඒක කාගෙද කියලා බලන්නවත් මට පිටිපස්ස හැරෙන්න බැ.. අඩුම ඒ දේ රුපය බලා ගන්න අහස ඓහාවත් බලන්න මට බෑ. හරියට මගෙ ඇග හිර වෙලා වගේ. ඒ රුපය කාගේද කියල බලා ගන්න බැරී තරම්ම ඒකේ ශැඩො එකත් විශාලයී. එත් ඒක මට කරදරයක් නොකරයී කියල විශ්වාසයී .

මම මගේ යාලුවෝ ඉන්න දිහාට හැරුනා. එයාලාත් පුදූම වෙලා ඒ රුපය දිහා කටත් අරන් බලන් ඉන්නවා.

" ඔයාලා ඉක්මනට ගස් අස්සට යන්න ඉක්මනට . ගිහින් හැන්ගෙන්න. "

එයාල මන් දිහා බලලා ඔලුව හොලවලා ඉක්මනට කැලය ඇතුලට ගිහින් ගස් අතර හැන්ගුනා.

" මේක කොහොමටවත් වෙන්න බැරිදෙයක් . මේ මොකද වෙන්නේ "

අග්නී බලය තියන රාක්ශයා බය වෙලා කතා කරන්න ගත්ත.

" අපට ඔයා එක්ක මෙතන ප්‍රශ්න්‍යක් නැ. මේ ලමයා එක්කයී අපට ප්‍රශ්නේ තියෙන්නෙ.ඔයා මොකක්ද මෙතන කරන්නේ. "

එය මගේ පිටීපස්සේ ඉන්න රුපයටයී කතා කරන්නෙ කියලා මට තේරුනා. ඒත් ඒ රූපයෙන් කිසීම උත්තරයක් ලැබුනෙ නෑ.

" අපට මෙ වැඩේ කර ගන්න දීලා ඔබ මෙතනින් පිට වෙන්න . කරුනාකරලා. නැත්තම් අපටමේක නැවත පාතාලයට ගියාම හෙඩිස් උතුමානන්ට වාර්තා කරන්න වෙයී."

මේ කතාවට අනික් රාක්ශයෝ ටික කලබල වුනා

" ඔයා මොනාද කරන්නේ "

" මොලේ හොද නැතී වේගෙන් එනවාද "

" ඔහුට අණ දෙන්න එපා. ඔහුට අන දෙන්න අපට බෑ කියලා හොදටම දන්නවානේ. "

ඒ රාක්ශයෝ එක දිගට අග්නී රාක්ශයාට කියන යන්න ගත්තා

" ඒ වගෙන් මට වැඩක් නෑ මම කැමතී නෑ. මම කැමතී නැ ම්ගෙ වැඩ වලට අත දාන අයට. අඩුම මෙට නෙමෙයී උතුමානන් වත් එහෙම කරනවාට මම කැමතී නෑ. තමුන් මෙතනින් පිට වෙලා යන්නේ නැ වගේ නේ. ශැඩෝ ඔහුට පහර දෙන්න "

Soulmate Where stories live. Discover now