Chapter 03

666 92 10
                                    

"අසංක ? සසංකගෙයි ඔයාගෙයි යට කලිසම් මාරු වෙන්නෙ නැද්ද ?" අසේල අහද්දි මහීශත් හැරිලා දිවුල් කටු ලෙවකන නිවුන්නො දිහා හැරිලා බැලුවෙ පිලිතුරක් බලාපොරොත්තුවෙන්. නිවුන්නො දෙන්නා පැත්තක ගලක් උඩ වාඩි වෙලා දිවුල් කන්නෙ රිලව් දෙන්නෙක් වගේ. මහීශත් ඉදුනු දිවුල් තේරුවත් අසේල පැත්තක ගල් තලාවෙ හාන්සි වෙලා අව්ව තපින්නෙ දිවුල් වල සුවදට එයාට ඔලුවෙ කැක්කුම හැදුන නිසයි.

"දන්නෙ නෑ. මාරු වෙනවා ඇති සමහරවිට."

සසංක කියනවා ඇහිලා මහීශගේ මූණ ඇද වුනත් අසේල නම් මහ හයියෙන් හිනා වුනේ නිවුන්නො දෙන්නා ඊටත් වඩා හයියෙන් හිනාවෙද්දියි.

"ඔය මෝඩයෝ තුන්දෙනා මොකටද හිනාවෙන්නෙ ? අඩුම තරමෙ තුවායක් , පනාවක්වත් හවුලෙ පාවිච්චි කරන්න එපා කියලා කියන්නෙ ? උඹලට ජලභීතිකාව හැදෙයි දවසක."

මහීශ කිව්වෙ දිවුල් ගෙඩියක් ගල් තලාවෙ ගගහා කට්ට ගලවන්න දගලන අතරතුරේ. අනිත් තුන්දෙනා කලින්ටත් වඩා හයියෙන් හිනාවෙන්න ගත්තෙ ගල් තලාවෙ පෙරලි පෙරලි.

"කවුද දන්නෙ අපි ඔයාගෙ ඒවත් ඇදලා තියෙනවද කියලා ? වැලේ වනලා තියෙන මගෙ වගේ පේන ඕනි එකක් මන් අදිනවා. " අසේල කියනවා ඇහිලා මහීශ අතේ තියාගෙන හිටපු දිවුල් ගෙඩියෙන්ම අසේලට දමලා ගහපු නිසා පැත්තකට විසි වෙලා ගිහින් ගලක වැදුනු දිවුල් ගෙඩිය දෙකඩ වෙලා පහලට පෙරලීගෙන ගිහින් ගගට වැටුනෙ අසේලගෙ හිනාවෙන් ගස් ගල් වෙව්ලන්න ගද්දි.

"මන් ඩීන්ට කියනවා තමුසෙලට උඩ තට්ටුවෙ රෙදි වනන තැනට යන්න දෙන්න එපා කියලා. නැත්තන් ඔයාලට තියෙන දුර්ලභ ලෙඩරෝග හොස්ටල් එකේ හැම එකාටම හැදෙයි."

මහීශ කෑගැහුවෙ ඉදගෙන හිටපු තැනින් නැගිටලා කලිසමේ දූවිලි පිසදදා. සාක්කුවෙ තිබුන ලියුම් කවරෙ එලියට අරගෙන මහීශ ගන් තීරෙට ලන් වුනේ ලියුම් කවරෙ වතුරට විසි කරන වුවමනාවෙන්. ඒ වුනත් ඊට කලින් අසංක ලියුම් කවරෙ මහීශගෙන් උදුර ගත්තෙ අසේල දිහාවට ගාටන අතරතුරේ.

"ඔයාට මේ අප්පච්චිගෙන් ලැබෙන රුපියල් පන්දාහෙ අගයක් නැති උනාට අපිට ඒක වාරික ආදායම වගේනෙ. උඹට පිස්සුද ? කීපාරක් කියන්නද මේ සල්ලි උඹට එපා නම් අපිට දෙන්න කියලා." අසංක කියනවා ඇහිලා මහීශ ඒ වගක් ඇහුනෙ නෑ වගේ පැත්තක ගල් තලාවෙන් ආයෙම වාඩි වුනේ ඔලුව කස කස.

සංධ්වනිය | boy love | completedWhere stories live. Discover now