chapter 06

328 67 12
                                    

මහල් නිවාස සංකීර්ණෙ ඉස්සරහින්ම ඇවිල්ලා නවත්තපු පරන තාලෙ ඩැට්සන් කලු පාට මෝටර්‍රතයක් දිහා බලාගෙන අසේලයි මහීශයි මොනවදෝ කල්පනා කරේ වචනයක්වත් කතා කරන්නෙ නැතුව. තරුණයො දෙන්නම ඒ වාහනේ හැම අංශුවක් දිහාම ඇහිපිල්ලමක්වත් නොගහා බලාගෙන හිටියෙ ලෝභකමේ.

"මහී ? අපි දෙන්නටත් බැරි වෙයිද හැමදාම ගෙදරට ක්‍රීම් ක්‍රැකර් ගේන එක නවත්තලා කීයක් හරි ඉතුරු කරගෙන අර වගේ පුන්චි වාහනයක් අරගන්න ?"

අසේල අහද්දි මහීශ අතේ තිබුන ඉංග්‍රීසි පත්තරෙන්ම අසේලගෙ ඔලුවට ගැහුවෙ ඇස් දෙක පීසා කුලුණ තරම් උලුප්පගෙන.
"පිස්සුද මනුස්සයෝ ? ඔයාගෙ විකාර වැඩ නවත්තලා රැකියාවක් හොයාගත්තනම් සමහරවිට ඊටත් වඩා හොද වාහනයක් ගන්න තිබුනා. "

"ඉතින් ඔයාගෙ පුවත්පත් දැන්වීම් වලට මාත් උදව් වෙනවනෙ. "

"මන් ඔයාගෙන් උදව් ඉල්ලව්වෙ නෑනෙ. ඔයා මගෙ පස්සෙ පන්නන එක නවත්තලා පිලිවෙල රැකියාවක් හොයාගත්තනම් අපි දෙන්නට ක්‍රීම් ක්‍රැකර් කන්න වැයවෙන සල්ලි ගැන වද නොවී ඉන්න තිබුනා."
මහීශ පඩිපෙල මුදුනෙ හිටගෙන කෑගහන සද්දෙ ඇහිලා සමහර මිනිස්සු තරුණයො දෙන්නා දිහා හැරි හැරී බල බල ගියේ හිනාවෙවී.

"ඔයත් අපෙ අම්මා වගේනෙ. වෙනසකට තියෙන්නෙ හැදි මිටෙන් ගහන්නෙ නැති එක විතරයි."
අසේල එහෙම කියලා ඔලුව අතගගා පඩිපෙල බහින අතරේ මහීශත් හෙමිහිට පඩිපෙල බැස්සෙ ඈණුමක් අරින ගමන්. උදේට ගෙදර මොනවත් ඉව්වෙ නැති නිසා දෙන්නම ලග තිබුන පොඩි තේ කඩෙන් කහට දෙකක් බීලා වඩේ දෙකක් කටේ ඔබාගෙන පාර පැනලා පයින්ම ටවුමට ඇවිද්දෙ උදේ පාන්දර මීදුම අතුරුදහන් වෙලා ගිහින් ඉර එලිය වටේටම පැතිරෙන අතරතුරේ.

"මහී ? පරිස්සමට ගෙදර එන්න. මන් ඇමතිතුමාව හම්බ වෙන්න යනවා සමහරවිට එන්න පරක්කු වෙයි. ඒ යක්කු ඉක්මනට වැඩ කරන්න දන්නෙ නෑනෙ." එහෙම කියලා අසේල අතදාලා නවත්තගත්තු ත්‍රීවිල් එකක නැගලා යන දිහා මහීශ ටිකක් වෙලා බලාගෙන හිටියෙ කටේ ඔබාගත්ත වඩේ ගෙඩිය කකා. පාර දෙපැත්තෙ ගලන කුණු කානු කලින් දවසෙ වැහැපු වැස්සට උතුරලා ගිහින් පාර මඩ කරලා තිබුනු නිසා පදික වේදිකාවෙ තැනින් තැනට උඩ පැන පැන මහීශ ඉස්සරහට ගෑටුවෙ තනියම.

සංධ්වනිය | boy love | completedWhere stories live. Discover now