chapter 15

217 63 18
                                    

බිම පැදුරු එලාගෙන හැම කෙනාම රෑට කෑවෙ දහ පහලොස් දෙනෙක්ට කන්න දෙන්න තරම් ලොකු කෑම මේසයක් සහේනිගෙ ගෙදර තිබුනෙ නැති නිසයි. කජු හොද්දක් හදලා තිබුන නිසා හැම කෙනාම දෙතුන් වතාවකට වඩා බත් බෙදාගෙන කෑවෙ ඒ තරම් රස කෑමක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැති නිසයි.

"කොහෙන්ද මාමෙ මේ තරම් කජු ?"
සභාපතිතුමා ඇහුවෙ මුට්ටියක් පිරෙන්න තිබුනු කජු මාලුව දැකලා. අඩු ගානට කජු ගෝනියක් හොයාගන්න දහදුක් විදින්න ඕනි බව නොදන්න කෙනෙක් නෑ. ඒ වුනත් සහේනිගෙ මාමා කජු වත්තක් වවනවා කියලා තරුණ සංගමේ තරුණයො මීට කලින් දැනන් හිටියෙ නෑ.

කෑවෙන් පස්සෙ හැම කෙනාටමත් වඩා මහීශ මග බල බල හිටියෙ නිදාගන්න වෙලාව එනකම්.

"අද කාව්‍යයි මායි අම්මත් එක්ක නිදාගන්නම්. ඔයාලා අනිත් කාමර තුනේ නිදාගන්න. අද වෙන කවුරුත් ගෑණු ලමයි නෑනෙ."

සහේනි එහෙම කිව්වෙ හැමෝම හවසට ගෙදර නවතී කියලා හිතාගෙන වුනත් දෙතුන් දෙනෙක්ම ආපහු තමන්ගෙ ගෙවල් වලට ගියපු නිසා සරත් සයිකලේම යන්න පිටත් වෙන්න ලෑස්ති වුනේ හැමෝටම සුභ පතලා. ඒ වුනත් ජානකත් සරත් එක්ක පිටත් වුන නිසා සහේනි දෙන්නට ගිනි පෙලෙල්ලක් ගෙනත් දුන්නෙ දෙන්නම විදුලි පන්දමක් ගෙනල්ලා තිබුනෙ නැති නිසයි.

ඒ නිසා අන්තිමේ ඉතුරු වුනේ පිරිමි ලමයි හත් දෙනෙක් විතරයි. ඒ වුනත් එක කාමරයක විශාල ඇදක් තිබුනු නිසා පිරිමි ලමයි තුන් දෙනෙක් ඒ ඇදේ දිගෑදිලා නිදාගත්තෙ දවල් වරුවෙ තිබුන වේදිකාවෙ වැඩ වලින් පස්සෙ ඒ අය මහන්සියෙන් හිටපු නිසයි.

අසේලයි සභාපතිතුමයි ටික වෙලාවක් සාලෙට වෙලා සහේනිගෙ අප්පච්චි එක්ක කතා කර කර හිටියෙ ඒ අයගෙ තනියට අරක්කු බෝතලයක් කොහෙන්දෝ මතුවුන නිසයි. ඒ වුනත් පහුවදා උදේම පිටත් වෙන්න ඕනි නිසා ජනිත් කලින්ම ගිහින් තවත් කාමරේක නිදාගත්ත නිසා මහීශ කෙලවරේම තිබුන කාමරේ ඇදට වැටිලා දිග ඇරුණෙ කොට්ටෙ අස්සෙ මූණ හන්ගගෙන.

සභාපතිතුමයි අසේලයි වෙරි වුණාම හරි වදේ කියලා දන්න නිසාම මහීශ කලින්ම නින්දට වැටුනෙ තව ටික වෙලාවක් යද්දි සද්ද බද්ද වැඩි වෙනවා කියලා දැනන් හිටපු නිසයි. ඒ වුනත් සභාපතිතුමාට හොදටම වෙරි වුන නිසා අසේල සභාපතිතුමාව කර පල්ලෙ එල්ලගෙන ජනිත් නිදාගෙන හිටපු කාමරේට එක්කරගෙන ආවෙ ඒ කාමරේ පලවෙනියටම හම්බ වුන නිසයි. වැඩිය රෑ වෙන්න කලින් සහේනිගෙ අප්පච්චිත් බූරු ඇදට වැටිලා නිදි කිරන්න ගත්ත නිසා අසේල තමන්ට නිදාගන්න කාමරයක් තියෙනවද කියලා විපරම් කරන අතරෙ මහීශ සම්පූර්ණ ඇදක හොදට දිග ඇරලා නිදාගෙන ඉන්නවා දැකලා මහීශගෙ කකුල් දෙකෙන් ඇදලා එයාව අයිනකට කරලා අසේලත් හාන්සි වුනේ වෙරිමතේ.

සංධ්වනිය | boy love | completedWhere stories live. Discover now