(edited)
"අනූ ඇන්ටි.."
"නැන්දා.."
අපි දෙන්නටම එකට කියවෙද්දි අනූ ඇන්ටි ඇස් ලොකු කරන් අපි දෙන්නා දිහා බලං හිටියා...
"ඔය දෙන්නා...ඔය දෙන්නා..."
ඇන්ටිට කතා කරගන්නත් බැරි වෙද්දි අක්කා අනූ ඇන්ටි ලඟට දුවලා ගියා...
"ප්ලීස් එයාට බනින්නෙපා....මං පැහැදිලි කරන්නං හාද...?"
"හොඳ පැහැදිලි කිරීමක් තියෙයි කියලා බලපොරොත්තු වෙනවා..."
ටිකකින් අපි හිටියෙ අනූ ඇන්ටි ඉස්සරහින් සෝෆා එකේ වාඩි වෙලා...සෙව්යි රුෂි අක්කයි අනූ ඇන්ටි විසින් එලවා දමනු ලැබිනි...
"උඹලා දෙන්නා හොරු වගේ ඉදලා එන්නෑ මෙතනත් බටර් ගාගෙන පලයල්ලා උඩට..."
අන්න එහෙමයි වුනෙ...
"මං සුදු ට ආදරෙයි නැන්දා..."
මේ මනුස්සයා අනූ ඇන්ටිට නැන්දා කියනවා කලින් නං ඇහිලා නෑ මට...
"ඉතිං, අපිත් ආදරෙයි තමයි සුදුට...මට දැනගන්ණ ඕන මෙතන වෙන්නෙ මොකද්ද කියලා..."
"මං එයාට ලවර් කෙනෙක් විදියට ආදරෙයි..."
"කොයි කාලෙ ඉඳලද...?"
එතන ඉඳලා අක්කා අපි ගැන අනු ඇන්ටිට කියද්දි එයා සාවදානව අහන් හිටියා...අපි දැන් ඉන්න ප්රශ්නෙ ගැනත් කිව්වට අපි දෙන්නම දැනන් හිටියා ඒකට විසඳුමක් අනූ ඇන්ටි ලඟත් නැති බව...
"අද ඉඳලා දෙන්නා එක කාමරේක ඉඳලා අහු වෙන්න බෑ...ගින්දරයි පුලුනුයි එක ලඟ තියන්න මට බෑ... මං මේක ගැන මාමා එක්ක කතා කරලා බලන්නං....මට තේරෙන් නෑ දැන් හැදෙන ලමයි ගැන.....අහලා විතරයි තිබ්බෙ මේවා..."
"ඔයාට අපිව සුවර් නැද්ද අනූ...?"
අක්කා අහද්දි අනූ ඇන්ටි රවලා බැලුවා....
"නෑ තමයි...මේ කෙල්ල කෙසේ වෙතත් මට උඹ සුවර් නෑ...එනවලා කන්න දැන් දෙන්නම..."
එයා ගස්සගෙන යද්දි අක්කා මං දිහාවට නැවුනා....
"ඔයා බය නැතුව ඉන්න මගෙ සුදු...අන්කල්වත් මං ගොඩ දාලා තියෙන්නෙ..."
![](https://img.wattpad.com/cover/340598174-288-k450515.jpg)
YOU ARE READING
Once(Still Ongoing)
Non-Fictionලස්සනම කතාව වුණත් එක තැනක් දුකින් ලියවුණා... පරිච්ජේද ගණනාවක්ම ලියවෙන්න තිබ්බත් මේ කතාවෙ , තවත් පරිච්ජේදයක් ගැන හිතන්න හිතක් නෑ... දුක හිතෙන කතා වලට කවුරුත් කැමති නැති නිසා.... ඉතින් යන්න කලින් එක පාරක් කියන්න, ආදරෙයි නේද?.... ⭕මෙම නිර්මාණය උපුටා...