(Year: 2027)Nuwee's pov
"මිස් ගෙ කෝපි දෙක"
"Thank you"
මම coffee දෙක මගෙ අතට දුන්න coffee shop එකේ වැඩ කරන කෙනාට එහෙම thanks කරලා අයිනෙම table එකෙන් ඒ coffee දෙක තියන ගමන් වාඩි උනා...
"ඔයා black coffee බොන්න ආසයි කියලා මම දැනන් ගිටියෙ නෑ"
"ජීවිතේ තිත්ත වෙන්න වෙන්න තිත්ත කෑම බීම වල තිත්ත රස දැනෙන්නෙ නැති වෙනවා..."
June coffee එක අතට ගන්න ගමන් එහෙම කිව්වෙ coffee shop එකේ ඉස්සරහ අපිට පේන දුරින් තියෙන පාර්ක් එකේ සෙල්ලම් කරන එයාගෙ පොඩි දුව දිහා බලාගෙන....
"අර වගේ දගකාර පොඩි එකෙක් ඉද්දි මොන තිත්තක්ද ජීවිතේ?"
" black coffee එක උනත් ලස්සන කෝප්පෙක දාලා මෙහෙම තියෙද්දි හරි sweet වගේ පේන්නෙ... හැබැයි බොන කෙනා තමා දන්නෙ ඒකෙ තිත්ත..."
"ඔයා හොදින්ද? "
මම එහෙම ඇහුවම june ගෙ ඇස් වලට කදුලු පිරුනා...
"ඔයා දන්නවද... මට මතක ඇති කාලෙකින් කෙනෙක් මගෙන් හොදින්ද කියලා අහලා නෑ..."
" ඔයාගේ husband-"
"අම්මේ!!"
මගෙ ප්‍රශ්නෙට හරස් කපන ගමන් එතනට june ගෙ දුව කෑගහගෙන දුවගෙන ආවා... June එයාගෙ ඇස් වල කදුලු පිහිදාගෙන හිනා වෙලා දුව දිහා බලලා "ඔව් කියන්න පැටියො" කියලා කතා කලා...
"Art competition එක win කලා කියලා Anne ගෙ තාත්තා anneට රෝස මල් පොකුරක්ම දුන්නා... මටත් ඕනෙ..."
"මම බබාට යන ගමන් එකක් අරන් දෙන්නම්... දැන් ගිහින් යාලුවො එක්ක සෙල්ලම් කරන්නකො..."
June එහෙම කිව්වම බබා "හරී!!!" කියල කෑගහගෙන ආයෙ පාර්ක් එකට දිව්වා...
" එයා චිත්‍ර අදින්න හරිම දක්ෂයි"
"ඒක එහෙම වෙන්න එපැයි... ඔයානෙ එයාගෙ චිත්‍ර ටීච..."
June එහෙම කිව්වම මම පොඩි හිනාවක් දාලා coffee එකෙන් උගුරක් බිව්වා...
" අපේ බබා ඔයාට හරි ආසයි... මම දැනන් හිටියෙ නෑ ඔයයි එයාගෙ චිත්‍ර ටීච කියලා... එයා හැමදාම වගේ ගෙදර ආවම චිත්‍ර ටීච ගැන කියවනවා..."
YOU ARE READING
REGRET
Romance"ඔයා තාම මම ඔයාගෙ ජීවිතේට ආපු එක ගැන regret කරනවද?" "නෑ මම දැන් regret කරන්නෙ එදා ඔයාව මගෙ ජීවිතෙන් ඈත් කරපු එක ගැන" ~ අතීතයේ කරපු දෙයක් ගැන පසුතැවීම කියන්නෙ හරිම වේදනාකාරී දෙයක්... ඒක අපිට ආයෙම නිවැරදි කරගන්න බෑ ඒකත් එක්ක ජීවත් වෙනව මිසක්... තම හොද...