Chapter 05

96 14 10
                                    



අපේ university එකෙ පලවෙනි අවුරුද්ද ඉවර උනාට පස්සෙ මම Nuweeට එන්න කිව්වා බීච් සයිඩ් එකේ තියෙන මගෙ මහ ගෙදර ගිහින් එන්න... මොකද එයත් මුහුදක බහින්න මාර ආසාවෙන් හිටියෙ...

එයාව අපේ අම්මටයි තාත්තටයි අදුන්වල දීලා අපි දෙන්නා මුලින්ම කලේ ආපු ගමන් මහන්සි එහෙම ඇරලා හවස sun set එක බලන්න ලෑස්ති උන එක...

මුහුද තියෙන්නෙ අපේ ගෙදරට පේන දුරින්... ඉතින් අපි දෙන්නා බීම snacks අරන් ගිහින් පැදුරක් එහෙම දාලා එකේ වාඩි වෙලා ඉදන් කතා කර කර ඉර බැහැලා යන දිහා බලන් හිටියා...

"මම කැමති friends to lovers relationship වලට වඩා hate to love relationship වලට"

මම එහෙම කිව්වම Nuwee මම දිහා බලලා " ඇයි ඔයා එහෙම හිතන්නෙ?" කියලා ඇහුවා...

"යාලුවෙක් විදිහට ඉදලා relationship එකකට යනවා කියන්නෙ අපිට ආයෙ කවදාවත් හිටිය වගේ යාලුවො වෙන්න බෑ කියන එක... අනිත් එක ඒක one side කැමැත්තක් විතරක් උනොත් confess කරන දවසෙන්ම යාලු කම ඉවරයි"

"එතකොට ඔයා කියන්නෙ යාලුවෙක්ට එයාගෙ යාලුවා ගැන හැගීමක් ඇති උනොත් මොනව කරන්න ඕනෙ කියලද?"

" ඒක කවදාවත් නොකිය ඉන්න එක හොදයි... එතකොට ඒ යාලුකම හරි හැමදාම තියෙනවා"

"ඒත්... ඒක කියන තරම් කරන්න ලේසි දෙයක් නෙවේ..."

"මොකද්ද? "

"තමන්ට හැගීමක් තියෙන කෙනෙක් එක්ක යාලුවෙක් වගේ ඉන්න එක..."

එයා ඒක කියලා සුසුමක් හෙලලා බිම බලාගත්‍තා...

" ඔයා ඒ සම්බන්ද අත් දැකීමක් තියෙනවද?"

මම එහෙම ඇහුවම එයා හැරිලා මම දිහා බැලුවා...

ඇයි එයාගෙ ඇස් වල කදුලු???

" sorry මම ඔයාගෙ යටගිය මතකයක් ආයෙ මතක් කලා නම්... අපි දැන් මේ love ගැන කතාව නවත්තමු... Web toons වල ඉන්න අයියලට පණ ආපු දවසක අපිටත් love එකක් හරියයි බන්..."

මම mood එක වෙනස් කරන්න හිතන් එහෙම කිව්වා... ඔව් මම සාර්ථකයි...

එයාට හිනා ගියා...

අපි ආයෙම වෙන වෙන අපේ ගම ගැන random මාතෘකා කතා කරන්න ගත්තා...

ඒ Nuwee නිවාඩුවකට අපේ ගෙදර ආපු පලවෙනි අවස්තාව ඊට පස්සෙ අපි දෙන්නටම නිවාඩු හම්බෙන හැම කාලෙකම වගේ අපි එහෙ ගියා...

REGRET Where stories live. Discover now