"එන්න...අපි යමු අපේ ගෙදර..."
මම juneව උරහිසින් අල්ලලා නැගිට්ටවලා car එකට නග්ගගෙන අපේ ගෙදරට යන්න පිටත් උනා...
June බබාවත් අතේ හරහට වඩාගෙන ගල් ගැහිලා වගේ ඉස්සහ බලාගෙන හිටියා...
එයාගෙ ඇස් වලින් කදුලු වැටෙන්නෙ නම් සොරොව්වක් ඇරලා වගේ...
මමත් වචනයක් වත් කතා නොකර අපේ ගෙදර park එකට වාහනේ දාලා එයාව බස්සගෙන ගෙදරට එක්කන් ගියා...
"ඔයා ඉදගෙන ඉන්න මම බබාව ඇදෙන් තියන්නම්"
මම එහෙම කියලා june ගෙ අතින් minnieව අරගෙන ගිහින් මගෙ කාමරේ ඇදෙන් තියලා එලියට ආවා...
June තාම ඉදගෙන නෑ... එයා ගල් ගැහිලා වගේ හිටපු තැනම ඉන්නවා...
" june... ඉදගන්න... මම ඔයාට මොනා හරි බොන්න අරන් එන්නම්..."
එයා හිමින් ගිහින් සෝෆා එකෙන් වාඩි උනා...
මම ගිහින් එයාට coffee එකක් හදාගෙන ආවා...
"අහ් මේක බීලා ඉන්න..."
එයා ඒක අතට ගන්නෙ නැතුව මගෙ මූණ දිහා බැලුවා...
"ඇයි ඔයා මට බනින්නෙ නැත්තෙ?"
එයා ඇයි එහෙම අහ්න්නෙ?
"අහ්? ඇයි මම ඔයාට බනින්නෙ?"
"එදා ඔයා කියන දේ අහන්නෙ නැතුව මේ මනුස්සයව බැන්ද නිසා මේ හැමදේම... "
"මම කියන දේ අහපු එක නැති එක ඒක ඔයාගෙ තීරණයක් නෙ... ඔයා එදා ගත්තෙ ඔයාට හරි කියලා හිතුන තීරනේ නෙ... ඉතින් මම ඇයි ඒකට ඔයාට බනින්නෙ?"
" මම හරි මෝඩයි Nuwee"
June එහෙම කියන ගමන් හොදටම අඩන්න ගත්තා...
මම කෝපි එක එතන එහාපැත්තෙ මේසෙන් තියලා june ගෙ එහාපැත්තෙන් ඉදගෙන එයාගෙ අතකින් අල්ලගත්තා...
"මේ අහන්න June... අපි ගත්ත තීරණ කොච්චර මෝඩද කියලා අපිට දැනෙන්නෙ ටික කාලයක් ගෙවිලා ගියාම තමයි... හැබැයි වැදගත් වෙන්නෙ ඔයාට පුලුවන් විදිහට ඒ මෝඩ තීරණේ නිසා උන දේවල් ආපහු හදාගන්න එක... එහෙම නැතුව ඒ ගත්ත මෝඩ තීරණෙ ඇතුලෙම ජීවත් වෙන එක නෙවේ..."
YOU ARE READING
REGRET
Romantik"ඔයා තාම මම ඔයාගෙ ජීවිතේට ආපු එක ගැන regret කරනවද?" "නෑ මම දැන් regret කරන්නෙ එදා ඔයාව මගෙ ජීවිතෙන් ඈත් කරපු එක ගැන" ~ අතීතයේ කරපු දෙයක් ගැන පසුතැවීම කියන්නෙ හරිම වේදනාකාරී දෙයක්... ඒක අපිට ආයෙම නිවැරදි කරගන්න බෑ ඒකත් එක්ක ජීවත් වෙනව මිසක්... තම හොද...