"June ඔයාගෙ කකුලෙන් ලේ එනව නේ... මොකද්ද ඇත්තටම උනේ??"මම එහෙම කිව්වම තමයි එයා හරියට කකුල දිහා බැලුවෙ...
"අහ්... මට අමතක උනානෙ ඊයෙ වීදුරුවකට කැපුනා... ඒක පෑරෙන්න ඇති...
Minnie... ඉක්මන් කරන්න ටීච බලන් ඉන්නවා"June එහෙම කතාව වෙනස් කරලා එතනින් ගියා...
Minnie ආවට පස්සෙ මම එයාට චිත්‍රයක් අදින්න Guide දීලා පොඩ්ඩක් නැගිටලා ගෙදර ඇතුලෙ බිත්තිවල ගහල තියෙන දේවල් බඩු දිහා කැරකිලා බැලුවා...
June ගෙ graduation එක දවසෙ Photo එකක් ලොකුවට බිත්තියෙ ගහලා තිබ්බා...
ඒ පින්තූරෙ දැක්කම ඒ කාලෙ එකට පාඩම් කරන ගමන් අපි එකට කතාඋන දෙයක් මට මතක් උනා...
"අපි දෙන්නා graduate වෙද්දි cloak දාලා කොහෙ හරි හොද location එකකට ගිහින් එකට photo shoot එකක් කරමු?"
"හා... කරමු... "
" මම අපි දෙන්නගෙ ලස්සනම photo ලොකු කරලා ගහගන්නවා මගේ ගෙදර සාලෙ මැද්ද්දෙ..."
අන්තිමට එයාගෙ graduation පින්තූරෙ එයා විතරක් සහ මගෙ graduation පින්තූරෙ මම විතරක් උනා...
"අහ් මේ තේක බීලා ඉන්න"
ඒ කටහඩත් එක්ක පින්තූරෙ reflection එකෙන් පිටිපස්සෙ June හිටගෙන ඉන්නවා පෙනුනා...
මම එයාගෙ පැත්තට හැරිලා තේක ගන්න කලින් බැලුවෙ එයාගෙ කකුල දිහා...
ඒකට තාම එයා bandage එකක් දාගෙන නෑ...
"ඔයාගෙ තුවාලෙට බෙහෙත් දාගත්තෙ නැද්ද?"
"අහ් ඒක එච්චර ලොකු තුවාලයක් නෙවේ"
"ඒ උනාට විසබීජ ගියොත් හොද නෑනෙ... Bandage එකක් දාගන්න..."
මම එහෙම කියන ගමන් ට්‍රේ එකෙන් තේක ගත්තා...
එයා හිනා වෙලා කොරගගහ ආයෙ කුස්සිය පැත්තට ගියා...
මම ආයෙම ගිහින් තේක බොන ගමන් minnieට පන්තිය කලා...
පැයකට පස්සෙ මම පන්තිය ඉවර කරලා යනවා කියන්න June බලද්දි මම දැක්කා එයා ගෙදර පඩිපෙලේ පඩියක් උඩ ඉදන් තනියම එයාගෙ කකුලෙ තුවාලෙට බෙහෙත් දාගන්නවා...
YOU ARE READING
REGRET
Romance"ඔයා තාම මම ඔයාගෙ ජීවිතේට ආපු එක ගැන regret කරනවද?" "නෑ මම දැන් regret කරන්නෙ එදා ඔයාව මගෙ ජීවිතෙන් ඈත් කරපු එක ගැන" ~ අතීතයේ කරපු දෙයක් ගැන පසුතැවීම කියන්නෙ හරිම වේදනාකාරී දෙයක්... ඒක අපිට ආයෙම නිවැරදි කරගන්න බෑ ඒකත් එක්ක ජීවත් වෙනව මිසක්... තම හොද...