Chapter 08

82 13 11
                                    




" මොකද්ද Nuwee ඔයා මේ කරන්නෙ???? ඔයාට ඊරිසියද මට කොල්ලෙක් ඉන්න එක ගැන??? අහ්???"

" ඇයි මම ඔයාට ඊරිසියා කරන්නෙ? ඔයාට තේරෙන්නෙ නැද්ද මම මේ හැමදේම කරන්නෙ ඔයාට තියෙන ආදරේ නිසා කියලා??"

" ආදරේ?? ඕකට කියන්නෙ ආදරේ කියලා නෙවේ Nuwee... ඇබ්බැහිවීමක් කියලා"

"අහ්??"

" එදා අපි එකට film එක බලපු දවසෙ උදේ මම කලබලේට hostel එකට යද්දි මගේ පොතක් කියලා අරන් ගිහින් තිබ්බෙ ඔයාගෙ 2017 dairy එක..."

June එහෙම කිව්වම මාව බයට වෙව්ලන්න ගත්තා වගේ මට දැනුනා...

ආදරේ නෙවේ ඒක ඇබ්බැහිවීමක් කියලා එයා කිව්වෙ ඇයි කියලා මට හිතාගන්න පුලුවන්...

මම වචනයක්වත් කතා කලේ නෑ...

මම මොනවා කතා කරන්නද?

June එක්ක හිටපු මේ අවුරුදු ගානට මම එයාගෙන් හංගපු එකම එක දේ ඒක...

එයා ඒක දැනගත්තා කියන්නෙ තවදුරටත් අපිට යාලුවො විදිහට ඉන්න බෑ කියලා මම හොදටම දන්නවා...

June අඩියක් ඉස්සරහට ඇවිත් මට තව කිට්ටු වෙලා එයා side එකට එල්ලන් හිටපු බෑග් එකෙන් මගෙ ඒ dairy එක එලියට ගත්තා...

එයාගෙ ඇස් රතු වෙලා...

මගෙ ඇස් වලින් කදුලුවැටෙන්න පටන් ගත්තෙ මට නොදැනිමයි...

"Nuwee... මේක තියෙන්නෙ ඔයාගෙම අත් අකුරු... මම ඒවා හොදටම අදුරනවා... ඒත් මට ඔයාගෙන්ම දැනගන්න මේකෙ ලියලා තියෙන දේවල් ඇත්තද? "

මම මුකුත් නොකියා මගෙ කදුලු පාලනය කරගන්න මගෙ ඇස් දෙක පියාගත්තා...

" ඒ හැමදේම ඇත්තද?? අහ්??? කියනවා!"

June කෑගහලා මගෙ ඇගට කඩාපැන්නා...

" ඔව් ඇත්ත!! ඕකෙ තියෙන හැම අකුරක්ම හැම වචනයක්ම ඇත්ත! මට ඔයා ගැන ආදරයක් ඇති උනේ මුලින්ම club එකේ dace floor එකෙදි ඔයාව දැක්ක වෙලේ...
එතන ඉදන් මට ඕන උනේ කොහොම හරි ඔයාට ලං වෙන්න විදිහක් හොයාගන්න... මම හැමදේම කලේ plan කරලා...
Beer එක ඔයාගෙ ඇගේ හැලුවෙ... මගෙ jacket එක ඔයාට දුන්නෙ... ඊට පස්සෙ දවසෙ ඔයාලගෙ faculty එකට ඇවිත් human anatomy එක ඇන්දෙ... ආයෙ මගෙ jacket එක ඉල්ලන්න excuse එකක් හදන් ඔයා එක්ක hostel එකට ගියෙ... ඒ විතරක් නෙවේ කවදාවත් webtoon කියන්නෙ මොකද්ද කියලවත් නොදැන හිටපු මම ඒවා කියවන්න ගත්තෙත් ඔයා නිසා... ඒ හැම දේම මම කලේ plan කරලා... ඔයාට කිට්ටු වෙන්න ඕන නිසා... ඒක තමා ඇත්ත! "

REGRET Where stories live. Discover now