මේක තනිකරම ෆැන්ටසියක් අස්සට රිංගුවා වගේ හැඟීමක්.
හිතන්න දවසක ඔයාගෙ ෆැන්ටසි ලෝකයක්, නැත්නම් ඔයාගෙ ෆැන්ටසියක එක දර්ශනයක්, ඒ එක පසුතලයක්, ඔයාට හැබැහින් දකින්න ලැබුනොත් ...?
ඔයා මොකද කරන්නෙ...?
මම දැනටමත් අතරමං වෙලා..මේක මගෙ වාසනාවකට මට දකින්න ලැබුණද, එහෙමත් නැත්නම් මම නිසා, මගෙ ගොන් තීරණයක් නිසා දුක් විඳින්න, හෙට අනිද්දට දුක් වෙන්න තිබ්බ මිනිස්සුන්ගෙ වාසනාවට ද කියන්න මම දන්නෙ නෑ...
හැබැයි මෙතනට ආපු වෙලේ ම මම හිතේ හංගන් හිටිය තීරණේ වෙනස් කරා.අද මෙවුන් ටික මාව මෙහෙට බලෙන්ම ඇදන් නාවනම්, හෙට උන්ට මේ සනීප පරිසරේ දාල මගෙ ගෙදර දවස් හතක් තනි රකින්න එන්න තිබුණා.
ඔව්, ඔයාලට තේරෙනවද මන්ද, මට ඕන වුණා මාවම නැති කරගන්න.
මට මහ ලොකූ ප්‍රශ්න තියනවද අහන්න එපා. ඇත්තටම මට මහ ලොකූ ප්‍රශ්න නෑ.. ඒත් වටපිටාවෙන් ලැබෙන පීඩනයත් එක්ක අපිවත් නොදැනුවත්වම අපිට ඩිප්ප්‍රෙෂන් ඇතිවෙනව.ඒවගෙන් වැඩක් නෑ, ඒව අපි පස්සෙ කතා කරමු. මොකද ඒ තීරණේ මම පස්සට දැම්මා. ආ ආ දැන් තොපි කියන්න එපා පුකේ හිරවෙයි කියල. ඒ පස්සක් ගැන නෙවේ මං කීවෙ හරිත..
මුලින්ම මං ගැන කියල ඉන්නද, මේ ෆැන්ටසිය ගැන කියන්නද...?
මං ගැන කියන්නම් නේත ඇහ්..
මම ....
මම..අඩෝ මොනාද බං කියන්න ඕන.. ම්හු බෑනේ ඕයි...
චූටි කාලෙ my self කියනව වගේ හැඟීමක් එනවනෙ ...අහම්... මම ඉසිල දුල්නෙත්.
මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක science faculty එකේ තුන්වෙනි වසර සිස්සයෙක්..
තුන කීවට, මේ තුනේ දෙක ඉවර වෙන්න යන්නෙ. ඒ කියන්නෙ ඊලගට හතර.ම්හු.. ඉතින් යකෝ මට මැරෙන්න හිතෙන එක සාධාරණ නැද්ද කියාන්කෝ ඇහ්...
යන්තම් කෝමහරි ඉන්ටර්න් එක ගොඩ දාගෙන පොත පුරවගත්තෙ. අනේ අපිව මරාගෙන කාපු නැති එක විතරයි උන්...උබල කියයි, අනේ ඉතින් සල්ලි දීලනෙ යන්නෙ, ඩිග්‍රිය නිකම්ම අතේනෙ කියල.. අනේ ඒම නෑ බං..
මේක අස්සෙ කන කට්ට දන්නෙ අපිනෙ. සල්ලි දෙනව තමා. ඔව් ඇත්ත. ඒකෙන්නෙ ඉතින් මුලු කැම්පස් එකම රන් කරන්නෙ. එහෙම කියල උන් මොකද කරන්නෙ, අවුරුදු හතරක ඩිග්‍රිය අපිටත් නොදැනි තුනෙන් ඉවර කරනව. එහෙම කියල අපිව නිකම් පාස් කරන්නෑ බං. මාස හයක මොඩියුල්ස් ටික හතරකින් ඇදල දානව. මාස දෙකෙන් දෙකට එන එක්සෑම් ටිකයි, ඒ අස්සටම ඔබන ප්‍රසන්ටේෂන් ටිකයි, තව අතරින් පතර රිංගවන viva, spot tests, අඩෝ අස්සෙ lab report.. අනේ ලැබ් එක අස්සෙ බොහොම අමාරුවෙන් titration එකක් කරගත්තත්, lab report..අඩෝ මැරෙන්නැතුව මෙහෙම ඉන්න එකම මදි නැද්ද බං..
YOU ARE READING
අහඹු..!
Non-Fictionඇයි... ඇයි .... ඇයි සුදු අයියෙ උබ මට මෙහෙම කරන්නෙ... අනික.. මගෙ අයියට කෙල්ලෙක් ඉඳිත්දිත්... උබ... උබ ඇයි අයියෙ මෙහෙම දුක් විඳින්න හදන්නෙ... ඇයි දෙයියනේ... ඇයි... ~"මං ආදරෙයි"~