04.🍀

202 29 30
                                    

*පුලුවන්නම් සින්දුවත් එක්ක කියවන්න.!*

අහම්... ඔයාලා මං ගැන ඇහුවලු නේද?
ම්ම්ම්ම් මම සචිරු.. එතකොට මම දැන් commerce වලින් AL කරල රිසල්ට්ස් එනකම් ගෙදරට වෙලා ඉන්නෙ.

අහ්ම්... මේ... මම කොහෙන්ද පටන් ගන්නෙ..
ම්ම්ම් මම ඒක පටන් ගන්නම් අපෙ අයියා ඉන්ටර්න් යන්න ගත්ත කාලෙන්.. ඔව් දැනට මාස තුනකට හතරකට කලින් ..මම එක්සෑම් ලියපු දවස් වල.. අයියට ඉන්ටර්න් හම්බුනේ හෝමාගම හොස්පිට්ල් එක.. ඉතින් එයා ලග තැනක බෝඩිමක් හොයද්දි තමයි එයත් එක්ක ඉන්ටර්න් ආපු තව අයිය කෙනෙක්ගෙ ගෙදර නතර වෙන්න චාන්ස් එක ලැබුණෙ.
කොහොමහරි එදා අයියගෙ පරණ බෝඩිමේ තිබුණ බඩු අදින්න ඕන නිසයි අම්මට ඒ ගෙදර යන්න ඕන කියපු නිසයි මමත් ගියා අම්මත් එක්ක. තාත්තට නම් බිස්නස් වැඩ නිසා එදා එන්න බැරි වුණා..

ඉතින් එදා අපි ඒ ගියපු ගෙදර හිටියෙ ඒ අයියයි, එයාගෙ අම්මයි, ආච්චි අම්මයි.
අම්මා ටීචර් කෙනෙක්ලු, තාත්තා ආමි එකේ මේජර් කෙනෙක් වෙලා ඉදල යුද්ධෙ කාලෙ නැති වෙලාලු..
කොහොමහරි අම්මත් කැමති වෙලා අපෙ අයියව තියාගන්න..
ඇත්තම කිව්වොත් එදා තමයි මේ හැමදේම පටන් ගත්තෙ..
එයාව දැක්ක මුල්ම වතාව ඒක උනත්, ඒ හමුවීම හරිම අහම්බයක් උනත්, එයාව දැක්කම මගෙ හදවත ගැහෙන වේගෙ පවා වැඩිවුණා... මම දන්නෙ නෑ මොනව උනාද කියන්න.. හැබැයි මොනවමහරි විපර්යාසයක් වෙනව නම් මට හොදටම තේරුණා... ඒක අසාමාන්‍යයි... ඒක නොසෑහෙන්න අසාමාන්‍යයි...
ඒත් මම එදා ඉවසුවා.. මොකද මටම තේරුම් ගන්න බැරි වුණා මාව.. එයාව දැක්කම දැනුණ දේ මට අපෙ කොල්ලො එක්ක ඉද්දි දැනිල නෑ.. අඩුම තරමෙ කෙල්ලෙක් දැකලවත් මට එහෙම වෙලා නෑ...
ඉතින් මම ඉවසුවා.. මගෙන් වැරැද්දක් වෙයි කියල බය උන නිසාම මං ඉවසුවා...

කොහොමහරි එදා දවසම ඉවසන් ඉදල මම ගෙදර එනකම්ම කල්පනා කරා.. ඒත් දෙයියනෙ මට ඒක අමතක කරන්න බැරි වුණා..

එදා දවස නින්දත් නැති කරන් මම කල්පනා කරා..
පස්සෙ මම හිතුව exam stress නිසා මට මොනව හරි වෙලා කියල.. ඒක නිසා ඒ ගැන නොහිතා ඉන්න හැදුව... දවසක් දෙකක් පහු වුනාම ඒක ඇරිල යයි කියල හිතුව...

අහඹු..!Where stories live. Discover now