14.🍀

158 25 57
                                    

හංගන්නද ආදරේ හැමරෑක හිත රවටා.....

හංගන්නද ආදරේ හැමරෑක හිත රවටා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.









Sachiru's  pov.

මට අවුරුදු උත්සවේ වැඩ තිබුණ නිසා ගෙදර එන්න රෑ වෙද්දි, මම දැක්කා අපෙ අයියත් එක්ක ඉසිල අයියත් එලියට වෙලා කතා කර කර ඉන්නව...
ඒත් එයා මාව දැක්කා විතරයි ගේ ඇතුලට ගියපු නිසා මමත් ගිහින් අයියා ලගින් වාඩි වුණේ මේ දවස් ටිකේ මට හරියට අයියත් එක්ක කතා කරන්නවත් බැරි වුණ නිසා...

මොකද අරයා අර මාව දැකලා ගේ ඇතුලට දිව්වෙ...

උබ ඌව කන්න හදනවලුනෙ..

ඇහ්.. ඒ මොන කුණුහරුපයක් ද බං අයියෙ ඒ...

මං දන්නෑ ඌ තමා කීවෙ, උබ ඌව කන්න හදනව කියල.

තේරෙන්න කියනවකො හලෝ, මට හරි මහන්සී අප්පාහ්....

මම එහෙමම අයියගෙ අතකුත් බදාගෙන එයාගෙ උකුල උඩින් ඔලුව තියාගෙන අහස දිහා බලන් හිටියෙ මේ දේවල් අයියට කියනවද නැද්ද කියල හිතාගන්න බැරුව...

ඈ මල්ලී...

ම්ම්ම්ම්

උබ මොකක් හරි අවුලකින්ද බං ඉන්නෙ..

අයියත් එක්ක බැරි ඕක තමා... මේ මනුස්සයට පුලුවන් හරියටම අපෙ හිත් කියවන්න.. මගෙ මූණෙ හැඟීම් නම්  හරියටම කියවන්න පුලුවන් එකම එකා මගෙ අයියා තමයි.. මේ වෙලාවෙ මම නෑ කීවත් මම දන්නව අයියට ඒකත් තේරෙනව මම කියන්නෙ බොරුවක් කියල... 

අවුලක්මත් නෙවේ... චූටියට ඒ වගේ එකක් තියෙනව හැබැයි...

ම්ම්ම් මට තේරෙනව මොකක්හරි තියෙනව කියල... ඉතින් උබ කවද්ද ඕක මට කියන්නෙ ම්ම්... උබ දන්නව මල්ලි උබෙ ඕනම දේකට මම උබත් එක්ක ඉන්නව කියල.. ඉතින් උබ ඔය මගුල් හිතේ තියන් තනියම විඳවන් නැතුව කියපන් මට ..

අහඹු..!Where stories live. Discover now