අදට සති දෙකක්... එදා සචිරු අස්සෙ ගුලි වෙලා ඇඬුවට පස්සෙ සති දෙකක් ගෙවිලා... ඒක හරි ඉකමණට ගියාද කොහෙද..!
ඒත් සමහර දේවල් ටිකක් වෙනස් වෙලා.. දැන් දැන් මගෙ කාමරේ එයාගෙ බඩු වලින් පිරෙන්න පටන් අරන්...
එයාලට මුල් දවස් වලම තියෙන්නෙ අසයින්මන්ට් group works නිසා ඒවත් උස්සගෙන මගෙ කාමරේට ඇවිත් රෑ වෙනකල්ම ඒව කරන්න ගත්තම මටත් එයාව එලවගන්න ඕන වුනේ නෑ.. ඒ වගේම ඉස්සර මට හේෂාන් ඉන්නකොට වගේම තනි වෙලා නෑ කියන හැඟීම දැනෙන්න අරන්...
ඊටත් වඩා මම දැන් එයාව බලාපොරොත්තු වෙනව...ඒත් ඊයෙ.. ඊයෙ හවස මගෙ කාමරේට ආවෙ නෑ.. ඒකට හේතුව..හේතුව .. !
ඊයෙ මම එයාව හොයාගෙන කාමරේට යද්දි දොර ලොක් කරල නොතිබුණ නිසා එහෙමම දොර ඇරගෙන ඇතුලට යන්න ගියත්, එයා බැල්කනි එකට වෙලා කියපු සින්දුව ඇහුණම මාව එතනම නතර වුණා...
ඔය සෙනෙහස රැක මම ඈතට වෙන්නම්
නුඹ රුව දැක දැක නොදුටුව සේ මම ඉන්නම්.
මට නැතුවට නුඹට හිනාව තියේනම්..
මතකය විතරම ඇති ඒක රකින්නම්....මේකට හේතුව ඒ හවස සිද්ධ වුණ දේවල් මෙයා දැකල තමයි කියන මට හොදටම තේරුණා...
එමිලි... එමිලි කියන්නෙ අපිත් එක්කම ඉස්සර ඉඳලම හිටිය අපෙ සෙට් එකට හිටිය එකම කෙල්ල.. එයා foreign university එකක degree එක මෙහෙ ඉඳන් කරන කෙල්ලක්.. එයාලට summer vacation නිසා කෙල්ල එහෙ ගිහින් හිටියෙ university visit එකකට.
ඉතින් කෙල්ල එහෙ ඉඳන් ඇවිත් දවස් දෙකයි... කැම්පස් ආපු ගමන් කෙල්ල මගෙත් එක්ක එල්ලි එල්ලි එහෙ රටේ විස්තරයි... gay couple ගැනයි les couple ගැනයි කියවනව කියවනව ඉවරයක් නෑ.. කොහොමත් ඒකි ඉස්සර ඉදන්ම හොදටම ෆිට් එකේ හිටියෙ මාත් එක්ක... ඔය කියවන අස්සෙ මම ඉස්සර වගේ නෙවේ දැන් වෙනස් වෙලාලු... ඉස්සර එපා වෙලා, මහ බරක් ඔලුවෙ තියන් හිටිය ගතිය නැති වෙලා, අමුතු හිනාවක් මූණෙ තියනවලු... කිය කිය එක එක විකාර කියවන්න ගත්ත නිසාම මම හවස ලෙක් ඉවර වෙලා එනගමන් කෙල්ලට සචිරු ගැන කියව කියව ආවෙ.. ඒකිටත් ඔය වගේ ඒව අහද්දි මෙලෝ සිහියක් නෑ... මගෙ අතේ එල්ලිලා ඇඹරි ඇඹරි අපි දෙන්නගෙ විස්තර අහ අහ එද්දි, මමත් ඉතින් එමිලිට හැමදේම කිව්වෙ කොහොමත් මට ඒක මේ කෙල්ලගෙන් හංගගන්නව කියන්නෙ කරන්නම බැරි දෙයක් නිසා... මේකිට ගේඩාර් එකක් තියෙනවද කොහෙද...කැම්පස් එකේ උනත් සමහර කොල්ලො දැක්කම ,
YOU ARE READING
අහඹු..!
Non-Fictionඇයි... ඇයි .... ඇයි සුදු අයියෙ උබ මට මෙහෙම කරන්නෙ... අනික.. මගෙ අයියට කෙල්ලෙක් ඉඳිත්දිත්... උබ... උබ ඇයි අයියෙ මෙහෙම දුක් විඳින්න හදන්නෙ... ඇයි දෙයියනේ... ඇයි... ~"මං ආදරෙයි"~