මම ගෙදරට ගොඩවෙන පඩි දෙක නගිනකොටම හේෂාන්ගෙ අම්මා එලියට ආවා..
ආආආ මම ඌ ගැන කීවෙ නෑනෙ... මෙහෙමයි හරිත... දැන් මේ අපි ඇවිත් ඉන්නෙ හේෂාන්ගෙ ගෙදර. මූව මට සෙට් වෙන්නෙ මගෙ ඉන්ටර්න් එකේදි...
ඌ විතරක් නෙවේ, මේ ගමන ආපු අනිත් කොල්ලා , විෂ්මිත, ඌයි මායි හේෂානුයි තමා එකට සෙට් උන තුන්දෙනා... ඒ අතරින් හේෂාන් මට වඩා අවුරුද්දක් වැඩිමල්, ඌත් එක්ක උගෙ කෑල්ලත් අද ගමන ආව වගේම විෂ්මිතය නම් ගේ කුරුල්ලෙක් හින්ද ඌ උගෙ කොල්ලව එක්ක ඇවිත්... බලපන් ඉතින් උබෙයි මගෙයි වෙනසක් තියෙනවද නෑ...
මේ අවුරුදු විසි පහටම මම තාම කුලුදුල් හාදුව වත් දීලත් නෑ අරගෙනත් නෑ... සැක් ... මීට වඩා හොදයී.....අනේ කමන්නෑ නේත බන්ග්... නැත්නම් මටත් වෙනවනෙ කන බොන රෙන හැමදේම තව එකෙක් එක්ක බෙදාගන්න... අනේ විකාර මටෝන්නෑ මොකෙක්වත්...අනේ සුදු පුතේ, ඔන්න ඔය එලියෙ ඇති අපෙ චූටි මහත්තය, පොඩ්ඩක් කතාකරල එයාවත් එක්ක එන්නකෝ... කෑම ටික මේසෙට එවල තියෙන්නෙ..පුතත් මූණ කට හෝදගෙන වාඩිවෙන්නකෝ ඇවිත්... මහන්සි ඇති කොළඹ ඉදලම ඇවිත්...
මනෝපාර ගහගෙන හිටිය මම සිහියට ආවෙ හේෂාන්ගෙ අම්මගෙ කටහඬ නිසා... යෝ..මට සුදු පුතා කියල නේත යකෝ කීවෙ.. ම්හු..අනේ අපෙ අම්මව මතක් වෙනවනෙ... පවු අප්පා ... ඒ විස්තර පසුවට...!
අම්මා කියපු නිසා මමත් පොඩ්ඩක් වටපිට බැලුව අර පොඩි පගයා කෝ කියල..හේෂානය මට කියල තියෙනව ඕකා හෙන ඇම්ඩා කියල... අනේ අනේ චූටි මහත්තය...
ඒකව හොයාගෙන ගේ වටේම ඇවිද්දත් මූ නෑනෙ බං හොයාගන්න... අම්මට චූටි මහත්තය උනාට මූ කාගෙ හරි නැට්ටිච්චියකගෙ සුදාප්පච්චියෙක්ත දන්නෙත් නෑ.. ම්හු ..
ගේ වටේට පිස්සෙක් වගේ ඇවිදන් ගියපු මම කලින් කෝල් එක ගත්ත හරියෙ තිබුණ පේර ගහ දැක්කෙ දැන්නෙ යකෞ... ලා කහ ගැහිල තිබ්බ චූටි පේර ගෙඩි ටිකක් කඩාගෙන එකපාරම එකක් කටට දාගත්ත... කට එච්චර ලොකුද අහන්න එපා ඒවා ඇගිලි පුරුකක් තරම් සයිස්... ජෑම් පේර නෙවේ හැබැයි... අම්මටසිරි වෙනවනෙ ,...කටට දාගෙන චුරුස් ගාල හැපුව තමා යකෝ.. ඇඹුල.... ම්හු... මූණත් ඤොක්කක් වෙලා උරිස් දෙකත් ඇකිලුනා ඒකට.. හොදෑඩෙ මටත් දන්නැති මගුල් කටේ ගහගන්නවට...
YOU ARE READING
අහඹු..!
Non-Fictionඇයි... ඇයි .... ඇයි සුදු අයියෙ උබ මට මෙහෙම කරන්නෙ... අනික.. මගෙ අයියට කෙල්ලෙක් ඉඳිත්දිත්... උබ... උබ ඇයි අයියෙ මෙහෙම දුක් විඳින්න හදන්නෙ... ඇයි දෙයියනේ... ඇයි... ~"මං ආදරෙයි"~