ඒ ඇස් දෙකෙන් ගැලවිලා කාමරේට ආපු මම අදත් වෙනදා වගේම ඇදගෙන හිටිය ඇඳුම් පිටින්ම ෂවර් එක යට හිටගත්තෙ කල්පනා කරන ගමන්...
එදා එයාලගෙ ගෙදරින් ආව දවසෙ ඉදලම ආයෙත් මාව කලු පාටකින් වැහල යනව වගේ දැනෙනකොට, හුස්ම ගන්න එකත් සමහර වෙලාවට අමතක වෙලා යන තරම්ම හුස්ම හිර කරන් කල්පනා කරන්න ගන්නකොට, වෙනදට මගෙ තනියට මගෙ කාමරේ හේෂානයා වත් හිටිය නිසා ඉවසන් හිටියට, ආයෙත් මම තනිවෙලා කියන හැඟීමෙන් මාව වෙලාගන්නකොට මට මැරෙන්න හිතුන වාර අනන්තයි... මම දන්නෙ නෑ මොකද්ද මට මේ තරම් මැරෙන්න ඕන කරන හේතුව කියලවත්.. ඒත් මට තේරෙන්නෙ මගෙ පපුව පුපුරවන තරම් වේදනාවක් මේ පපුව අස්සෙ හිරවෙලා කියන එක විතරයි.
සමහරවිට මේ මම චූටි කාලෙ ඉදලම තනියම හැමදේම දරාගෙන ඉදලම විස වුණ මගෙම දරාගැනීම් වෙන්න ඇති... අද ඒ දේවල්ම මගෙ හිත අස්සක ඉදන් මාව මරවනව වෙන්න ඇති.... මේ හිතේ තියෙන හැමදේම කාටහරි කියල හිත නිදහස් කරගන්න ඕන වුනත්, ඒ දේවල් අම්මට කියල එයා දුක් වෙනව මට බලන් ඉන්නත් බෑ...
ඒ නිසාම මම දැන් සෑහෙන වාර ගානක් මැරෙන්න කියල ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට අරන් ඇති.... ඒත් අවසානෙදි ඒ හැමදේම මම තනියම දරාගන්න වුනාම, බැඳීම් කියන්නෙම තවත් වේදනාවක් කියල මට තේරුම් කරවනව.
මොන තරම් වේදනාවක් තිබ්බත්, ඒ බැඳීම් ඉස්සරහදි මට හිත හයිය කරන් පිරිමියෙක් විදියට හැම දේකටම මූණ දෙන්න වෙනව... ලංකාව කියන රටේ පිරිමි කඳුලත් අකැප දෙයක් වෙනකොට, ලංකාව ඇතුලෙ පිරිමිකම මනින මිනුම් දණ්ඩ ලගදි මම තවත් අසරණ වෙනව.මගෙ වටේ ඉන්න මගෙ සමහර යාලුවෝ පවා මගෙ ආදරය බලාපොරොත්තු වෙනකොට, ඒ මිනිස්සුන්ගෙ හිත් නිවාගන්න එයාලා මාව බලාපොරොත්තු වෙනකොට, ඒ හැමෝම වෙනුවෙන් මට හිනා වෙන්නත්, එයාලගෙ සැනසීමට හේතුව වෙන්නත්, මගෙ හිතේ පුපුරන්න තරමට එකතු වුණ වේදනා හිත අස්සටම තල්ලු කරගෙන එයාලව සනසන්න වෙනකොට...
ඒ හැමදේකම අවසානෙදි මගෙන් එයාලට ඒ ලැබුන ආදරේ ටිකක් හරි අඩු වුන තැනදි මම නරක මනුස්සයා වෙනකොට,මේ දේවල් මේ විදියට සිද්ධවෙද්දි, මගෙන් එකෙක් හරි ඇහුවනම්, උබ හොදින්ද? කියල... අඩුම මට හිත හදාගන්න තිබුණා, අනේ මං උන් වෙනුවෙන් හිටිය වගේම උන් මම වෙනුවෙනුත් ඉන්නව නේද කියල.. ඒත් ඒ කිසිම දෙයක් ඒ විදියට නොවෙනකොට, වුනේම මගෙන් ඉස්සර ලැබුණ ආදරේ අඩුවෙනකොට උන්ට මාව එපාවෙන එක විතරයි.
YOU ARE READING
අහඹු..!
Non-Fictionඇයි... ඇයි .... ඇයි සුදු අයියෙ උබ මට මෙහෙම කරන්නෙ... අනික.. මගෙ අයියට කෙල්ලෙක් ඉඳිත්දිත්... උබ... උබ ඇයි අයියෙ මෙහෙම දුක් විඳින්න හදන්නෙ... ඇයි දෙයියනේ... ඇයි... ~"මං ආදරෙයි"~