Chapter 25

117 24 0
                                    

"කුක් ඔයා හොදින්ද..ඔයා සුදුමැලි වෙලා වගේ" මිසිස් කිම් පැවසුවේ සුදුමැලි වී සිටින කුක් දෙස බලමින්. දැනට ඔවුන් පැරිස් වල ඉදල ඇවිත් සති දෙකක් වෙනවා ඒ වගේම සතියක් තිස්සේ කුක් අසනීපෙන්. ඔහුට අප්පිරියාව, වමනය යෑම, විවිධ කෑම වලට වැඩි රුචිය වැනි දේවල් තිබුනා, එමෙන්ම සුදුමැලි වීම සහ දුර්වල ගතිය තිබුණා.

"මම හොදින් මාම්" කුක් දුර්වල සිනාවක් සමග පවසද්දී මිසිස් කිම් එමගින් නොසැහුනා.

"කූ...බොරු කියන්න එපා, අපි යමු ඩොක්ටර් කෙනෙක් ලගට" මිසිස් කිම් පවසන විට කුක් දෙපසට හිස වැනුවා.

"නෑ මාම් මම ඇත්තටම හොදින්, මට ඕනි රෙස්ට් කරන්න" කුක් පවසා නැගිටින්නට යන විට ඔහුට කැරකිල්ලක් දැනුනා..

"කුක් ඔයා හොදින්ද" මිසිස් කිම් අසා කුක්ව ඔවුන්ගේ (ටේකුක්) කාමරයට රැගෙන ගියා.

"තැන්ක් යූ මාම්..මම හොදින් කලබල වෙන්න එපා" ඔහු මවාගත් සිනහවක් සමග පවසද්දී මිසිස් කිම් හිස සැලුවා..

"ඔයා රෙස්ට් කරන්න, මම මොනවහරි ඔයාට හදාගෙන එන්නම්" මිසිස් කිම් පවසා පිටව ගියා..ටික වෙලාවකට පසු ඇය සුප් එකක් රැගෙන පැමිණියා.. ට්‍රේ එක නයිට් ස්ටෑන්ඩ් එක මත තබා ඇය කුක් හට ඉද ගැනීමට උදව් කරා.

ඉන්පසු ඇය කුක් හට සුප් එක පොවා, ඇද මත හාන්සි කෙරුවා.. පසුව ඇය ඉදුල් භාජන රැගෙන ගොස් ඒවා සෝදද්දී ඇයට යම් සද්දයක් ඇසුනු නිසා ඇය ඉක්මනින් කුක් සිටින කාමරයට දිවගියා, එවිට ඇය දුටුවේ ජංකුක් සිහි නැති වී වැටී සිටින ආකාරයයි.. ඇය කුක් අසලට ගොස්..

"මගෙ දෙවියනේ කුක් බේබි නැගිටින්න" ඇය ඉක්මනින්ම මිස්ටර් කිම් හට කතා කල විට ඔහු පැමිණියා..

"මගෙ දෙවියනේ හනී මොකද එයාට උනේ" මිස්ටර් කිම් කුක් දෙස බලමින් ඇසුවා.

"මම දන්නේ නෑ, අපි එයාව හොස්පිට්ල් එකට එක්කන් යමු" මිසිස් කිම් පවසද්දී මිස්ටර් කිම් හිස වනා, ඔවුන් දෙදෙනාම කුක්ව හොස්පිට්ල් එකට රැගෙන ගියා..ඒ යන අතරතුර ඔවුන් මීටින්ග් එකක සිටි ටේහියුන්ව දැනුවත් කරා.

𝕃𝕚𝕥𝕥𝕝𝕖 𝕋𝕒𝕖𝕋𝕒𝕖'𝕤 𝕎𝕚𝕗𝕖𝕪 ||Onhold|| (S) Translate Where stories live. Discover now