You're my destination
And
I'm your destination !!
-----------------------------------------------------------@ car
Jveon hotel එකෙන් පිටත්වුන ලැම්බොගිනියේ ඉදිරිපස අසුන් දෙකෙ හිටිය විවියානා වගෙම ජන්කුක් පවා හිටියෙ තරමක් නොසන්සුන්ව.
එක අතකින් සුක්කානම අල්ලගෙන හිටිය ජන්කුක්ගෙ ඇගිලි සුක්කානමට හිරවෙලා තිබුන වගෙම ශටර් එකෙන් අහස බලන් යන විවියානාගෙ ඇගිලි තුඩු ගවුමට හිරවුනා.
හැමදේම දැනිලත් නොදැනුනා සේ ඉන්න දක්ශ මනුස්සයෙක් තමයි කැප්ටන් කියන්නේ
මොහොතකට කලින් විවියානා තමන්ගෙ ඇගෙ වැදුන වෙලේ කලබලවෙලා උන්නු විවිගේ එහෙ මෙහෙ දුවන ඇස් අස්සෙ කැප්ටන් ගැඹුරටම කිමිදෙන්න උත්සහ කරා.තමන් අරන් දුන්න එ ගවුම විවියානාගෙ ශරීරය කොච්චර ලස්සන් කරලද කියලා පවා අදහගන්න බැරුව කැප්ටන් ලැවෙන්ඩර් මලක් හොයන්න හෝටලේට දුවද්දි පවා අතකින් පපුවට ගහගත්තේ වේගෙන් ගැහෙන හදවත පාලනෙ කරගන්න
පුන්චි සරල මේක් අප් එකක් වුනත් විවියානාගෙ රෝසවුන කම්මුල් හපලා දාන්න හිතෙන තරම් නොසන්සුන් හැගිම් තිබුනත් සුක්කානම තදින් අල්ලගෙන ඉස්සරහම බලන් වාහනෙ පදවන්න තරම් කැප්ටන්ගෙ හිත හයිය වුනා
අනික් අතට කැප්ටන් එක්ක තනියමම වාහනේ යන්න බයක් තිබුනත් කෙල්ල වාහනේට නැග්ග ක්ශනිකව මුලු ලැම්බොගිනියෙ ඇතුලෙ හැමදේම නිරීක්ශනය කරා.කෙල්ල ඉස්සරහ තියෙන හැමදෙයක්ම තමන්ගෙ ඇගිලිවලින් අතගාලා බැලුවෙ ඇත්තක්ද කියල දැනගන්න වගෙ....
"දන්නවද දෙයක් ලැවෙන්ඩර්??"
වාහනෙ තිබුන නිශ්ශබ්දබව බිදිමින් කැප්ටන් කතාකරේ විවියානා ගැස්සිලා යද්දිමයි.
"මො..මොකක් ගැනද අහන්නෙ?"
"ගොඩක් මිනිස්සුන්ගෙ ලස්සන පිටට විතරයි.ඒත් මං හරි ආසයි හිතෙනුත් ලස්සන මිනිස්සු එක්ක ඉන්න.!!"
කැප්ටන් තමන් දිහා බලන් ඉන්න විවියානාගෙ මූන දිහාට හැරෙමින් කිව්වෙ කෙල්ල ඇහිපිල්ලම් නොගහම එ කිව්වෙ කවුරු ගැනද කියලා කල්පනා කරද්දිමයි.
YOU ARE READING
Heal ~Jjk ᶜˡᶦᶜᵏ ˢ² ✔
Fanfictionනිල් ජල කදට පෙම් කරන ඔහුගේත්, ජීවීතවලට හුස්ම ලංකරන ඇයගේත්, අවසානය ලේ පැල්ලමක් වූ අතීත ආදරයේ , දෙවෙනි ඇරඹුම...!! Started date: 2024.04.18 Ending Date : 2024.06.30 Dedicated to Jeon Jeong-guk Enjoy ©ookies