Heal #15

411 62 74
                                    

The truth

-----------------------------------------------------------

විවියානාවත් එක්කගෙන කිම් බංගලාවට ආපු ජන්කුක් කෙල්ලව තුරුල් කරගෙනම එක්කගෙන ගිහින් යේවාට බාරදුන්නේ විවියානාට මෙ වෙලෙ පරිස්සම්ම තැන එතන කියලා ජන්කුක් දන්න නිසා.

"විවීගෙ මමාවයි ග්‍රැනිවයි මෙහෙට එක්කගෙන එන්න.දැන්ම!!"

කැප්‍ටන් ආරුඪ වුන ජන්කුක්ගෙන් ලැබුන ක්ශනික අණට ක්‍රියාත්මක උන බ්‍රියන් එහෙමම ජිප් එක අරගෙන ගියෙ විවියානාගෙ ගෙදරට.

එ අතරතුර මුලු කිම් බංගලාවෙම ආරක්ශාව දෙගුණ කරපු ජන්කුක් සුපුරුදු පොල්ල අතෙ කරකවන ගමන් බලන් හිටියෙ එන්න කිව්ව කෙනා එනකම්

"කැප්ටන්..සැලියුට්!!"

කිම් බංගලාවට ආපු ගමන් සෝෆාවෙ කකුලක් උඩ කකුලක් දාගෙන ඇස් හීනි කරන් බලන් ඉන්න කැප්ටන්ට ආචාර කරපු රයන් එහෙමම බිම බලාගත්තෙ කැප්ටන්ගෙ පෙනුම එච්චර හොද නැතිනිසා

"තමුසෙට මොකක්ද නෝවා එක්ක තියෙන සම්බන්ධෙ??"

පොල්ලෙ දාරෙ දිගේ ඇගිලි අරගෙන යන ගමන් කැප්ටන් අහද්දි රයන්ගෙ ඇස් ලොකු උනෙ මාට්ටු උන බව තේරුන නිසා.

"කැ...කැප්ටන්..!!"

"Just answer me Rayan!!"

කැගහලා කියපු කැප්ටන් සෝෆාවෙන් නැගිටිද්දි රයන් අඩියක් දෙකක් පස්සට විසිඋනෙ කැප්ටන්ගෙ කටෙ සද්දෙට.මොකද කවදාවත් නැතිතරම් තරහක් කැප්ටන්ගෙ මුනෙ දකිද්දි රයන්ට හිතුනෙම දුවන්න.සිඩ්නිවලින් ඈතට දුවන්න.

සාමාන්‍යයෙන් කැප්ටන් තමන්ගෙ කෑම්ප් එකෙ කොල්ලන්ට බොක්කෙන්ම ආදරය කරන කොල්ලෙක්.එ නිසාම ඒ කිසිකෙනෙක්ට කැගහන්න කැප්ටන්ට ඔනෙ වුනෙ නෑ.ඒත් අද!!

"ම..මං...එ..එයාට ආදරය කරනවා කැප්ටන්...!!"

වෙවුලන ගමන් රයන් කිව්වෙ කැප්ටන්ගෙ මූනේ තරහව එක්කම අමුතු සැහැල්ලුවක් මවමින්

"තමුසෙට මට කියන්න තිබ්බා රයන්.තමුසෙ නිසා මගෙ කොල්ලො ඔක්කොම ඒ මාරයාගෙ කට උඩ සෙල්ලන්කරන්නෙ!! උඹ හිතනවද අර ඩෙරික් උගෙ පොඩි දුවව උඹට දීලා නිකන් ඉදි කියලා රයන්!!"

Heal ~Jjk ᶜˡᶦᶜᵏ ˢ² ✔Where stories live. Discover now