Be my lavender
Just once
______________________________________@ඇල්ෆා බලගනය.
සිහිය ආපු ජන්කුක් සතියක්වත් විවේක නොගෙන කෙලින්ම ආවෙ කෑම්ප් එකෙ වැඩකටයුතු බලන්න
මාසෙකින් දකින කෑම්ප් එක හරි ලස්සනයි
විනාස වුන කෑම්ප් එක බ්‍රියන් ඇතුලු සෙබලු හරි ලස්සනට හදලා තිබුනා
එ වගෙම බාගෙට විනාස වුන රෝහලත් අනෙක් ස්ථානත් කලින්ටත් වඩා හොදින් තියෙනවා දැක්ක ජන්කුක්ගෙ මුනෙ ඇතිවුනෙ හිනාවක්ජිප් එකෙන් බැස්ස ජන්කුක් හිමින් සීරුවෙ ඇවිදගෙන ගියේ ගාඩ්න් එක දිහාවට.
මාසෙකට කලින් විනාස වුන මල් ගොමු ඔක්කොම ඊටත් වඩා ලස්සනට හදලා තියෙනවා වගෙම ලස්සනට පිපුන ලැවෙන්ඩර් මල් ගොමුවෙන් සුපුරුදු පරිදි වතුපාලක මල්පොකුරක් හදන හැටිත් දුරතියාම ජන්කුක් දැක්කා.
මූනෙ පිරුන හිනාව ක්ශනිකව අතුරුදහන් උනත් හිමින් සීරුවෙ මුහුද දිහාවට ඇවිදන් ගියපු ජන්කුක් ,සපත්තු දෙක ගලවලා වෙරලේ වාඩිවුනේ ඈතින් පේන ක්ශිතිජය දිහා බලාගෙන.
"මට සමාවෙන්න...!!"
එක වචන පෙලක්
ඒ වුනාට හැගිම් මහ ගොඩක්
ඔව් එ කැප්ටන්ගෙ ජිවිතේම
එ අකුරු ටිකේ රැදිලා තියෙනවා කිව්වොත්
ඔයා විශ්වාස කරනවද?ලා නිල් අහසයි ලා නිල් මුහුදයි යාවෙන ක්ශිතිජය දිහා බලාගෙන මුමුනපු ජන්කුක් එහෙමම වැල්ලේ දිගා වුනේ හිමින් සීරුවෙ ඇස්දෙකත් පියාගන්න ගමන්
.
.
.
.
.
.
.
.@කෑම්ප් රෝහල
"විවි.....විවි....ආශ්..විවී..."
විනාඩි ගානක් තිස්සෙ තමන්ගෙ මේසෙ එහා පැත්තෙ ඉන්න විවියානාගෙ නම කියමින් මින්සුන් කොච්චර කතාකරත් වෙනම සිහියක හිටිය විවියානාට නෙමෙයි ඇහුනේ.ඔහෙ පෑනක් අල්ලගෙන කොලයක රටා මවන ගමන් වෙනම සිහියක හිටිය විවියානා දාහක් දෙවල් කල්පනා කරමිනුයි මෙ මොහොතම ගෙවා දැම්මෙ.
"Aish what the hell vivi.මොන ලොකෙ සිහියෙන්ද ඉන්නෙ?"
එකපාරටම පුටුවෙන් නැගිට්ට මින්සුන් විවියානා ලගට ගිහින් කෙල්ලව තමන්ගෙ පැත්තට හරවගෙන කතාකරේ කෙල්ල ගැස්සිලා යන්න සලස්වමින්.
YOU ARE READING
Heal ~Jjk ᶜˡᶦᶜᵏ ˢ² ✔
Fanfictionනිල් ජල කදට පෙම් කරන ඔහුගේත්, ජීවීතවලට හුස්ම ලංකරන ඇයගේත්, අවසානය ලේ පැල්ලමක් වූ අතීත ආදරයේ , දෙවෙනි ඇරඹුම...!! Started date: 2024.04.18 Ending Date : 2024.06.30 Dedicated to Jeon Jeong-guk Enjoy ©ookies