Heal #16

525 63 131
                                    

ආදරය
ඒක මහ අමුතු විකාර වචනයක්
අකුරු හතරකින් හැදුන
මනුස්සයෙක්ට පන දෙන්න පුලුවන්
මනුස්සයෙක්ව නොමරා මරන්න පුලුවන්
මනුස්සයෙක්ට තව ජිවිතයක් දෙන්න පුලුවන්
මනුස්සයෙක්ව අමු අමුවෙ මරලා දාන්න පුලුවන්
පුන්චි වචනයක්

ඒත් එ පුන්චි වචනෙ මහ ගොඩක් බරපතලයි
විශ්වාස කරනවද
ඔයා මම අපි හැමොම
මොනම ආත්මෙක හරි යාලුවො ,සහෝදරයො, සහකරු හො සහකාරිය ,ගුරුවරු , දෙමව්පියො , තරහකාරයො විදිහට හෝ ලගින් ආදරය කරලා තියෙනවා ...!!

ආදරය තරහාකාරොත් කරනවද?
නැත්නම් ඇයි තරහාකාරයා ඔච්චර ඔයා ගැන හොයන්නේ
කෙනෙක් ඔයාට ආදරය කරනවා කියන දෙයින් ඔයාගෙ ලග ඉදන් පන දෙන්න කතාකරන එක විතරක් අදහස් වෙන්නෑ
ඔයාව අඩියටම දාලා පාගන්න හදන තරහාකාරයා පවා ඔයාට ආදරය කරනවා...

ඒකයි ආදරයයි වෛරයයි අතර තියෙන්නෙ නූලක වෙනසක් කියන්නේ
ඔයාට බොක්ක දෙන්න ඉන්න කෙනාට පුලුවන් ඔයාව මරන්න
ඔයාව අඩියටම දාපු කෙනාට පුලුවන්
ඔයාට ජිවත්වෙන්න උගන්නන්න
හරි අමුතුයි නේ
ඔව්
ඒක තමයි අමුතු ආදරය...!!

දාහක් දෙවල් ඔලුවෙ තියන් කල්පනා කරන විවියානා කෝපි එකක් බිබි බලන් හිටියේ කිම් බංගලාව අයිනෙ තියෙන ලැවෙන්ඩර් මල් ගොමුව.

මුලින්ම ජන්කුක් ලංවෙන වාරයක් ගානේ
නොමනා බැනුම්වලින් කොල්ලට දමලා ගහන්න විවියානාට ඔනෙ උනෙ නෑ කිව්වොත් විශ්වාසකරනවද?
ඔව්
විවියානාට ඔනෙ වුනෙ දැනෙන දෙවල් නොදැනෙන විදිහට ඉන්න
ඒකට තමයි වෛරය කියන වචනෙ ගාවගන්නේ!!
මනුස්සයෙක් ආදරයක් හංගන්න පාවිච්චි වචන ටික තමයි "මම තමුසෙට වෛර කරනවා!!" කියන එක...
විවියානාත් ජන්කුක් නිසා හාරසීයට ගැහෙන පපුව දරාගන්න බැරිකමට එ වචන තොගෙ කිව්වත් එ හිතට ඔනෙ වුනේ නම් ඒක නෙමෙයි

මේ හැමදෙයක්ම කල්පනා කරන ගමන් වත්ත දිහා බලන් හිටිය විවියානාට දැනුනෙ තමන්ගෙ ඉනවටෙන් සීතල දරදඩු අත් යුගලක් එතෙන විදිහ.

ඒ සුවද විවියානාට පුරුදුයි
ඒ උනුහුම විවියානාව ඇබ්බැහිකරන සුලුයි
ඒ හුස්ම පවා විවියානාගෙ ඇගෙ ලේ මල් නහර පිස්සුවට්ටන්න සමත්වෙනවා...

Heal ~Jjk ᶜˡᶦᶜᵏ ˢ² ✔Where stories live. Discover now